සුළඟ අප රැගෙන යාවි මාධ්‍ය දර්ශනය දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන නුවන් ජයතිලක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සුළඟ අප රැගෙන යාවි’ සිනමා නිර්මාණය මෙම මස 22 වැනිදා සිට LFD සහ MPI ඇතුළු දිවයින පුරා සිනමාහල්වල තිරගත කිරීමට නියමිතය.මෙහි තිර පිටපතද නුවන් ජයතිලක විසින්ම සිදුකරන ලද අතර, මායා නවගත්තේගමගේ නිෂ්පාදනයකි. පසුගියදා (15දා) මෙහි මාධ්‍යය දර්ශනය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදි පැවැත්විණ.

සුද්දා නමැති තවලම් හරකා සොයා ගැනීම වටා ගෙතුණු මෙම සිනමා නිර්මාණය අපූරු මානුෂීය බැඳීම් සමුදායක් ‍ගොඩනැගෙයි. අධ්‍යක්ෂවරයා විසින් ගමත්, නගරයත් කේන්ද්‍රිය කර ගනිමින් පොදු මානුෂීය ධර්මතා ඉස්මතු වන ආකාරයෙන් නිමවා ඇති මෙය සංගීතවත් කරන ලද්දේ චිත්‍රාල් සෝමපාල විසිනි. ‘කූඹියෝ’ ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂකවරයා වූ ස්ටරයිනර් ඇඩම්ස්ගේ සිනමා ආගමනය වන මෙහි ගීත ගායනයෙන් හිමාෂ මනුප්‍රිය දායක වෙයි. එමෙන්ම රංගන කාර්යය සඳහා ප්‍රවීණ රංගන ශිල්පී අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියලාල්, සුරංගා රණවක, දයාදේව එදිරිසිංහ, මයුර කාංචන ඇතුළු පිරිසක් දායක වෙයි. සංස්කරණය අනුර බණ්ඩාර සමග සමන් ඇල්විටිගල සිදුකර ඇති අතර, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාරගෙනි.

මෙම නිර්මාණය නෙදර්ලන්තයේ ඇමර්ස්ටර්ඩෑම්හිදී සිනෙකිඩ් චිත්‍රපට උළෙලට සමගාමීව පැවැත්වෙන සිනෙකිඩ් ස්ක්‍රීන් ක්ලබ් තරගකාරී ‘Cinema’ වෙළෙඳපොළේදී හොඳම චිත්‍රපටය බවට පත්විය. ඒ තුළින් මෙම චිත්‍රපටය DVD හෝ කේබල් තාක්ෂණයෙන් යුරෝපයට බෙදාහැරීමේ වරප්‍රසාදයද හිමිකර ගෙන ඇති අතර, හූන්ස්ටන් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ රෙමී සම්මානයද, ඉතාලියේ පාදුවාවල පැවැති මෙත්රොකොමන්තො කොර්තො නම් වූ රටවල් 165ක පමණ නියෝජනය කළ චිත්‍රපට උළෙලේදි හොඳම චිත්‍රපටය බවට පත්විය. එමෙන්ම ලෝකයේ ප්‍රධාන චිත්‍රපට උළෙලවල් අටක් නියෝජනය කිරීමත්, එහි අවසන් අදියරේ හොඳම චිත්‍රපට ලෙස නිර්දේශ වීමත් සිදුව තිබෙයි. මේ වන විට ලන්ඩන්, මෙල්බන්, ටොරන්ටෝ, මිලානෝ, ඉතාලිය,ඇමරිකාව, නෙදර්ලන්තය,ඔස්ට්‍රේලියාව, තායිවානය වැනි රටවල දර්ශන වාර 68ක් පමණ ප්‍රදර්ශනය වී ඇති අතර,පසුගිය දෙරණ, සරසවිය හා යාපනය චිත්‍රපට උළෙලවල්හිදී අවසන් වටය නියෝජනය කිරීමද සිදුවිණ.

 

නිදුක් මදුෂික/ජායාරූප -ශමීර රාජපක්ෂ

 

2019-03-19-ent-05 2019-03-19-ent-06 2019-03-19-ent-07 2019-03-19-ent-08 2019-03-19-ent-09 2019-03-19-ent-10 2019-03-19-ent-11 2019-03-19-ent-12 2019-03-19-ent-13 2019-03-19-ent-14 2019-03-19-ent-15 2019-03-19-ent-16 2019-03-19-ent-17 2019-03-19-ent-18 2019-03-19-ent-19