සියැට් අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකේය නව ගීත වීඩියෝවක් සයිබර් අවකාශයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සචිත් පීරිස් ඇමෙරිකානු ගායන ශිල්පී Caswy Breves සහ ගීත රචක අශාන්ත සමග අත්වැල් බැඳගනී

මෙරට වඩාත්ම ජනප්‍රිය ටයර් සන්නාමය වන සියැට් අනුග්‍රාහකත්වයෙන්, අලුත් අත්දැකීම් ලබමින් සංචාරය කිරීමේ ආස්වාදජනක සහ උද්‍යෝගීමත් අත්දැකීම තව තවත් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද විචිත්‍රවත් නව ගීත වීඩියෝ නිර්මාණයක් එළිදක්වා තිබේ.

Never Stop Movong යනුවෙන් නම් කර තිබෙන මෙම ගීත වීඩියෝ නිර්මාණය නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සම්මානලාභී ශ්‍රී ලා‘කේය සංගීත අධ්‍යක්ෂකවරයෙකු, ගායකයෙකු මෙන්ම වීඩියෝ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු වන සචිත් පීරිස් මහතා වන අතර මෙයට ගායනයෙන් එක්වන්නේ ඇමෙරිකානු පොප් සහ ශාස්ත්‍රීය ගායකයෙකු වන Casy Breves මහතායි. මොහු Radio City Hall හිදී, Adele නම් සුප්‍රකට ගායිකාව සමග ගායනයෙන්ද එක්ව තිබේ.

මෙම ගීත වීඩියෝව වෙනුවෙන් දායක කරගත් ප්‍රබල පද මාලාව රචනා කර තිබෙන්නේ ශ්‍රී ලාංකේය ජනප්‍රිය රැප් ගායිකාවක සහ ගීත රචිකාවක වන අශාන්ති ද අල්විස් වන අතර, ශ්‍රී ලංකාවේ අතිශය රමණිය ස්ථාන සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් මනාව සංකලනය කරමින් නිර්මාණය කර තිබෙන මෙහි රූපමය නිර්මාණයේද ප්‍රබලත්වය හේතුවෙන් මෙම නිර්මාණය සමාජ මාධ්‍ය තුළ ඉහළ ජනප්‍රියත්වක් ලබාගනු ඇතැයි විශ්වාස කෙරේ.

නොනවතින ගමනක් විදහා දක්වන මෙම ගීත වීඩියෝව ජවය, ජීවය, විචිත්‍රත්වය කැටිකර නිර්මාණය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වයද ඉහළට ඔසවා තබමිනි.

කොළඹ පැවැති මෙම ගීත වීඩියෝව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් මෙහි අනුග්‍රාහකයා වන සියැට් කැලණි හෝලිඩින්ග්ස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවිකරණ බිෂ්රි ලතීෆ් මහතා පැවසුවේ, "ශ්‍රී ලංකාවේ අසමසම සුන්දරත්වය විදහා දැක්වීම සඳහා මෙම ගීත වීඩියෝවේ නිෂ්පාදකයන් වඩාත් වෙහෙස මහන්සිවී තිබෙනවා. ටයර් නිෂ්පාදකයෙකු ලෙස අපගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ වඩාත් ආරක්ෂාකාරීව ජනතාවට විවිධ ස්ථානවලට යෑමට පහසුකම් සැලසීමයි, මේ නිසා මෙම ගීත වීඩියෝවේ නාමය සහ තේමාව අපගේ සංකල්පය සමග කදිමට ගැළපෙනවා. මේ නිසා මෙම ගීත වීඩියෝවේ නිෂ්පාදන කටයුතුවලට අනුග්‍රාහකත්වය දැක්වීමට අප ඉදිරිපත් වුණා* යනුවෙනි.

Never Stop Moving ගීත වීඩියෝ නිෂ්පාදක සහ අධ්‍යක්ෂකවරයා වන සචිත් පීරිස් මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම ගීත වීඩියෝවෙහි කැමරා අධ්‍යක්ෂවරයා වන චමත් හංසක මහතා විසින් නිර්මාණය කර තිබෙන අතිශය සුන්දර වීඩියෝ දර්ශන පෙළ සහ නිෂ්පාදන සම්බන්ධීකාරක යෂින්කා සිල්වා මහත්මියගේ කුසලතාව මෙහි සාර්ථකත්වයට ඉහළ දායකත්වයක් දක්වන බවත්, ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ කැමැත්තක් මෙම නිර්මාණය නරඹන ලොව පුරා සිටින ජනතාව තුළ ඇතිවනු ඇති බවත්ය.

2017-06-27-ent-06 2017-06-27-ent-07 2017-06-27-ent-08 2017-06-27-ent-09 2017-06-27-ent-10 2017-06-27-ent-11 2017-06-27-ent-12 2017-06-27-ent-13 2017-06-27-ent-14 2017-06-27-ent-15 2017-06-27-ent-16 2017-06-27-ent-17 2017-06-27-ent-18 2017-06-27-ent-19 2017-06-27-ent-20



More In Hot Story