සරසවියේ ගම්මඩුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20181128Campus-(1)

කැලණිය සරසවියේ වාණිජ හා කළමනාකරණ පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ ප්‍රථම වසර විද්‍යාර්ථීන්ගේ කලා කෞෂල්‍යයන් එළිදැක්වූ කුසලතා දිනය පැවැත්වුණේ පසුගිය 16 වැනි සිකුරාදා විශ්වවිද්‍යාල කළමනාකරණ පීඨයේදී. වාණිජ හා කළමනාකරණ පීඨයේ පීඨාධිපති ආචාර්ය නාරද ප්‍රනාන්දු සහ කලා විචාරක - දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර ඒ කුසලතා දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වුණා. මූල්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති ප්‍රමුඛ කථිකාචාර්යවරැන් සහ සරසවි සිසු සිසුවියන්ගේ පූර්ණ දායකත්වය මේ දිනය වඩා අර්ථපූර්ණ කිරීමට ඉවහල් වුණා.

‘සම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට යමින් ගම්මඩුව’ යන තේමාව කරණ කොටගෙන වැළලෙමින් යන දේශීය නර්තන සම්ප්‍රදායන් යළි ඉස්මතු කරන්නට මේ කුසලතා දිනයේදී සිසු සිසුවියන් ගත් උත්සාහය සැබැවින්ම ප්‍රශංසනීයයි. උඩරට පහතරට සහ සබරගමු නර්තන සම්ප්‍රදායන් මෙන්ම නවමු නර්තන සම්ප්‍රදායන් හා කලා අංගයන්ද විවිධ වෙසින් එළිදැක්වූ මේ කලා උළෙල විශ්වවිද්‍යාල පද්ධතියට විවිධ විවේචන එල්ල වන වකවානුවක සාරවත් ඇගයීමක් වූ බවටයි පීඨාධිපතිවරයා ප්‍රමුඛ ආචාර්ය මඩුල්ල අදහස් දැක්වූවේ.

කුසලතා දිනයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වූයේ වෛද්‍ය අසේල විජේසුන්දරයි. කලාවේ නන් ඉසව් විවිධ වෙසින් තම දේශනයට ප්‍රස්තුත කරගත් වෛද්‍ය අසේලගේ සාරපූර්ණ රසවත් දේශනය සරසවි සිසු සිසුවියන්ගේත් ඇදුරන්ගේත් නෙත්වලට කඳුළු රැගෙන ඒමට තරම් සංවේදී වුණා.

20181128Campus-(2) 20181128Campus-(3) 20181128Campus-(4) 20181128Campus-(5) 20181128Campus-(6) 20181128Campus-(7) 20181128Campus-(8) 20181128Campus-(9) 20181128Campus-(10) 20181128Campus-(11) 20181128Campus-(12) 20181128Campus-(13) 20181128Campus-(14) 20181128Campus-(15) 20181128Campus-(16) 20181128Campus-(17) 20181128Campus-(18) 20181128Campus-(19) 20181128Campus-(20) 20181128Campus-(21)