ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍ය‘වේදීන්ගේ සංගමයේ පලමු ඡායාරූප ප්‍රදර්ශනය
ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍ය‘වේදීන්ගේ සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්විණ.
ජනාධිපතිතුමන් ඇතුලු ප්‍රභූවරුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම ඡායාරූප ප්‍රදර්ශනය, ‘ප්රවෘත්තිමය වටිනාකමක් සහිත ඡායාරූප’ යන තේමාව යටතේ පැවැත්වීම විශේෂයි.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, කතානායක කරූ ජයසූරිය මෙන්ම සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍ය‘වේදීන්ගේ දුර්ලභ ඡායාරූපද මෙම ප්‍රදර්ශනයේදී දක්නට ලැබුණි.