වෛද්‍ය ප්‍රසාද් දේශපි‍්‍රය වැලන්ටයින් සමරන්න තලෙයිමන්නාරමට ගිහින්
බොහෝ දෙනෙකු ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ හරසුන් කි‍්‍රයාවන්වල සහ නිෂ්පල වියදම්වල යෙදෙමිනි.
මෝස්තර නිරූපන කලාවේ රජු ලෙස සැලකෙන 2017 සිලෝන් මැජස්ටික් තරගයේ ජයග්‍රාහක සහ ප්‍රංශයේ පැවැති 2017 මිස්ටර් එලිගන් ඉන්ටර්නැෂනල් තරගයේ ජයග්‍රාහක, කලූබෝවිල චීනකටු සායනයේ අධ්යක්ෂ සහ පී.ඞී. එන්ටර්ටේ්රට්මන්ට් ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශපි‍්‍රය එම දිනය සැමරුවේ සමාජයට ආදර්ශයක් සපයමිනි.
ඒ තලෙයිමන්නාරමේ අසරණ මිනිසුන් සහ පාසල් දරු දැරියන් පිරිසකට පාපැදි සහ පාසල් උපකරණ බෙදා දෙමින් ආදරය, සෙනෙහස බෙදා ගනිමින් එම අසරණ මිනිසුන්ට සහ දරුවන්ට සරණක්, දිරියක් වෙමිනි.
කතෝලික පියතුමන්ලා, ලංකාවේ කි‍්‍රකට් දිරිගන්වන්නා වන ගයාන් සේනානයක, මිස්ටර් ඕෂන් වර්ල්ඞ් 2018 ජයග්‍රාහක ජෙරෝසන් ස්මිත්, මිසිස් ඕෂන් වර්ලඞ් 2018 ජයග්‍රාහිකාවන් වන මධුමදිනි මීරා, දුෂාන්ති සේවික්ර, තුලනි ආර්. රණසිංහ, මෝස්තර නිරූපන ශිල්පිනී නිලූෂි පවන්යා, වෛද්‍ය ගුණවර්ධන, ව්‍යාපාරික රන්සිරි වික්‍රමසිංහ, 2018 යංග් බියුටි ඔෆ් ශ්‍රී ලංකා ජයග්‍රාහිකා කේෂරී වැලිකලගේ, රංගන ශිල්පි කුමාර රණේපුර, දිනන්්යා පීරිස්, නිකී ඒබ්‍රහම්, සප්නා, පවිත්‍ර සහ පී.ඩි. එන්ටර්ටේ්රට්මන්ට් ආයතනයේ ලේකම් අමිල ගලප්පත්ති මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
ඡායාරූප - නවීන් ගුණසේකර සහ රසික කූල්