ලෝක හදවත් පුනර්ජීවන දිනය දා...
එක මොහොතක් ඔබ ඇස් පියාගන්න.. ඔබේ අත ඔබේ පපුව මැදින් තබන්න.. ඔව් ඔබට ඇහෙනවද ඔබේ හදවත ගැහෙන ලබ්-ඩබ් රිද්මය.. ඒ තමා ඔබ හුස්මක් වැටෙන මිනිසෙක් බවට ස්වභාවධර්මය දරන සාක්ෂිය.. ඒ හදගැස්ම එක මොහොතකදී නතර වුණොත්... අපි කවුරුත් දන්න ගී පද රචක, ගීත සහ සාහිත්‍ය විචාරක දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර ලෝක හදවත් පුනර්ජීවන දිනය දා කොළඹ විහාර මහා දේවී උද්‍යානයට පැමිණි හැමදෙනාම සමසිතින් පිළිගත්තේ එහෙම ආමන්ත්‍රණයකින්.
ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය හා දැඩිසත්කාර ඒකක විශේෂඥ වෛද්‍ය සංගමය ලෝක නිර්වින්දන දිනය වෙනුවෙන් සංවිධානය කළ මෙම වැඩමුළුවට වෛද්‍යවරුන්, හමුදා අංශ සාමාජිකයන්, කලාකරුවන්, පාසල් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. තවත් හදවතක හුස්ම රැකගනු වස් ඔබේ වගකීම පිළිබඳ කතා කළ ඒ දිනය වෙනුවෙන් මෙවර අපේ Event of the week පිටුව වෙන්වන්නේ ඒ උත්තරීතර මනුෂ්‍යත්වයට දේශය හදසර අපේ උපහාරය පිණිසමය.
►Pic – Kushan Pathiraja