රිදම් වර්ල්ඩ් ඔන්ස්ටේජ් අවසන් මහ තරගයෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-16-ent-02

නැගී එන පෙරළිකාර සංගීත කණ්ඩායම් හඳුන්වාදීමේ අරමුණින් ආරම්භ කෙරුණු රිදම් වර්ල්ඩ් ඔන්ස්ටේජ් පළමු අදියරේ අවසන් තරගය පසුගිය සෙනසුරාදා කටුනායක දාවින්දු මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මෙම අවසන් මහා තරගයට කණ්ඩායම් පහක් සුදුසුකම් ලැබීය. ඒ කළුබෝවිල Super Stars, අහුංගල්ල Flamingoes, මිගමුව Aryans, හලාවත Hellow හා රුවන්වැල්ල Classic යන සංගීත කණ්ඩායම්ය.

මේ කණ්ඩායම් අතුරින් කිරුළ දිනාගත්තේ හලාවත Hellow සංගීත කණ්ඩායම විසිනි.

එහි අනුශූරතාවය කළුබෝවිල Super star විසින් දිනාගත් අතර, ඔවුන් විසින් හොඳම කණ්ඩායම් ගීතයට හිමි සම්මානයද දිනාගන්නා ලදී. දක්‍ෂතම සංගීතඥයා ලෙස හලාවත Hellow හි ජනිත් ගේන් තේරී පත්විය.

රාජ් සෙනෙවිරත්න, අශෝක කෝවිලගේ, සෝමසිරි මැදගෙදර, අශාන්ති ද අල්විස් සහ සුභාෂ් පින්නපොල අවසාන මහා තරගයේ විනිසුරුවන් ලෙසින් සහභාගී වූහ.

 

ක්‍රිෂාන් රණසිංහ

 

2017-03-16-ent-01  2017-03-16-ent-03 2017-03-16-ent-04 2017-03-16-ent-05 2017-03-16-ent-06 2017-03-16-ent-07 2017-03-16-ent-08 2017-03-16-ent-09 2017-03-16-ent-10 2017-03-16-ent-11 2017-03-16-ent-12 2017-03-16-ent-13 2017-03-16-ent-14

 



More In Hot Story