රාජ්‍ය සංගීත සම්මාන උළෙල - 2018



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (21දා) රාත්‍රි‘යේදී පැවැත්විණි. එහිදී ජීවිතයට එක්වරක් පිදෙන ‘සංගීතාභිමානී ගෞරව’ යාවජීව සම්මානයෙන්  ආචාර්ය දයාරත්න රණතුංගයන් පිදුම් ලැබීය. ප්‍රශස්තම ගායකයා ලෙස දුමාල් වර්ණකුලසූරිය (කමලිනි) සහ ප්‍රශස්තම ගායිකාව ලෙස ඩබ්ලිව්. ප්‍රියංගනී (සරා සඳ) සම්මාන ලැබූහ. මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ආරියරත්න කළුආරච්චි මහත්වරුන්, කලාකරුවන්, සංගීතවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී සම්මාන ලැබූ පිරිස

  • ‘සංගීතාභිමානී ගෞරව’ යාවජීව සම්මානය -  ආචාර්ය දයාරත්න රණතුංග
  • ප්‍රශස්තම ගායක - දුමාල් වර්ණකුලසූරිය (කමලිනි)
  • ප්‍රශස්තම ගායිකාව - ඩබ්ලිව්. ප්‍රියංගනී (සරා සඳ)
  • ප්‍රශස්තම ගී තනු හා සංගීත නිර්මාණය - අරුණ ගුණවර්ධන (රිදුන තැන්)
  • ප්‍රශස්තම ගේය පද රචනය - රංජිත් කොරලේ (සාමසරකන්ද)
  • ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය - අමිල ජයලත් දිසානායක (ඒ. පෙති)
  • ප්‍රශස්තම ළමා ගායනය (බාලක) -රොෂෙත් රුවිඳු (නැති බැරිකම්)
  • ප්‍රශස්තම ළමා ගායනය (බාලිකා) - මයුමි අයෝධ්‍යා (වැලට බරක්)
  • ප්‍රශස්තම ගී තනු හා සංගීත නිර්මාණය  - මංජුල අරුණ බණ්ඩාර (වලාකුළක පාව ඇවිත්)
  • ප්‍රශස්තම ගේය පද රචනය - එච්.ජී. බන්දුලසිරි (ඉඳිඹු යාළුවේ)
  • ප්‍රශස්තම ජනගී ආශ්‍රිතව නව නිර්මාණය - සෝමරත්න දිසානායක (කංකංබුරු)

ඡායාරූප - ඉසුරු පෙරේරා

20180622Rajya(1)

20180622Rajya(2) 20180622Rajya(3) 20180622Rajya(4) 20180622Rajya(5) 20180622Rajya(6) 20180622Rajya(7) 20180622Rajya(8) 20180622Rajya(9) 20180622Rajya(10) 20180622Rajya(11) 20180622Rajya(12) 20180622Rajya(13) 20180622Rajya(14) 20180622Rajya(15) 20180622Rajya(16) 20180622Rajya(17) 20180622Rajya(18) 20180622Rajya(19) 20180622Rajya(20) 20180622Rajya(21) 20180622Rajya(22) 20180622Rajya(23) 20180622Rajya(24) 20180622Rajya(25) 20180622Rajya(26) 20180622Rajya(27)

 



More In Hot Story