යශෝධරා මුල් දවසේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-26-ent-116

2017 වසරට යෙදෙන සිංහල සිනමාවේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මහා සිනමා නිර්මාණයක් කිරීමට මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රමුඛ සරසවි චිත්‍රපට ආයතනය සූදානම්. සිදුහත් කුමරැන්ගේ සංසාරික පතිනිය යශෝධරා දේවියගේ චරිතය පදනම් කර ගනිමින් නිෂ්පාදනය වනබිම්බා දේවි හෙවත් ‘යශෝධරා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල එහි නිෂ්පාදක එච්.ඩී. ප්‍රේමසිරි මහතාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවෙසේදී පසුගියදා පැවැත්වුණා.

භික්ෂුණීන් වහන්සේලා වෙත දානමය පුණ්‍යකර්මය පිරිනමමින් මුහුරත් උළෙල ආරම්භ කළ අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න උත්සව සභාව අමතමින් කියා සිටියේ චිත්‍රපටයේ රෑගත කිරීම් තව නොබෝ කලකින් ආරම්භ කරන නමුදු මේ වන තෙක් යශෝධරා දේවිය, සිදුහත් කුමරැ ඇතුළු ප්‍රධාන චරිත සඳහා කිසිදු නළු නිළියෙකු තෝරාගෙන නොමැති බවයි. ලංකා චිත්‍රපට ඉතිහාසයේ නළු නිළියන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වූ එකම මුහුරත් උළෙල මෙය විය හැකි බවත් මහාචාර්ය සුනිල් ආරියරත්න කීවා. සංගීත අධ්‍යක්ෂණයෙන් රෝහණ වීරසිංහ, ගායනයෙන් විශාරද නන්දා මාලිනි, නර්තන අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ, කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය ඇතුළු ප්‍රවීණයන් පිරිසක් මේ සඳහා දායක වෙනවා. හදසර කැමරාවත් යශෝධරා සොයාගෙන ගිය ගමනේ නැවතුම් කිහිපයක් මේ.

 

Pic by – Romesh Dhanushka Silva. 

 

2017-01-26-ent-125
2017-01-26-ent-124
2017-01-26-ent-123
2017-01-26-ent-122
2017-01-26-ent-121
2017-01-26-ent-120
2017-01-26-ent-119
2017-01-26-ent-118
2017-01-26-ent-117



More In Hot Story