‘යශෝධරා’ මාධ්‍ය දැක්ම
සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද හා එච්.ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කළ නවතම සිනමා නිර්මාණය වන බිම්බාදේවි හෙවත් ‘යශෝධරා’ සිංහල චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දැක්මක් පසුගියදා වැල්ලවත්ත සැවෝයි ප්රිමියර්හිදී පැවැත්විණි.
බුද්ධ චරිතය හා යශෝධරා දේවියගේ චරිතය හරහා ගොඩනැගුණු මෙම සිනමා නිර්මාණය එළැඹෙන 26 වැනිදා සිට තිරගත වීමට නියමිතය.
ලංකාවේ විකාශය වූ ඉන්දියානු ටෙලිනාට්‍යයක් හරහා වඩාත් ජනප්‍රිය වූ භාරතීය රංගන ශිල්පිනී පල්ලවි සුභාෂ්, යශෝධරා දේවිය ලෙස චරිත නිරූපණය කරන අතර, සිද්ධාර්ථ චරිතයට පණ පොවනු ලබනුයේ භාරත රංගන ශිල්පී ඒ චෞද්රි විසින්ය.
මීට අමතරව අජිත් වීරසිංහ, සංගීතා, තදානි, කමල් දේශප්‍රිය, දිනෙත් ද සිල්වා, ශම්මු කසුන්, තුමිඳු දොඩංතැන්න, නෙත්සුක මුළුතැන්රාළ, විල්සන් ගුණරත්න, හේෂාන් මනුල හා උදාරි පෙරේරා යන රංගන ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.
සටහන/ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ