මූස් නිමි ඇඳුම් සමාගම සිය නවතම විලාසිතා එකතුව එළිදක්වයි
ජනප්‍රිය නිමි ඇඳුම් සමාගමක් වන %මූස්^ සමාගම සිය ගමන් මගේ ප්‍රථම සුවිශේෂී විලාසිතා දැක්ම පසුගියදා (24දා) %පාර්ක් ස්ට්‍රීට් මීව්ස් - ස්ටේබල්ස්^ හිදී උත්සවශ්‍රීයෙන් පැවැත්වීය. මේ සඳහා දිවයිනේ ප්‍රභූවරුන්, ජනප්‍රිය තාරකාවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
%චමත්කාර ලෝකයක්^ යන්න තේමා කරගනිමින් පැවැත්වුණු මෙහිදී නවතම සරල, සුන්දර, මනබඳින කාන්තා හා පිරිමි කලිසම් සහ ක්‍රීඩා ඇඳුම් එකතුවක් මෙහිදී හඳුන්වාදුන් අතර, නව යුගයේ කලිසම් පලඳින වෘත්තිකයන්ට සහ තාරුණ්‍යයට ගැළපෙන නවීන විලාසිතා රැසක් මෙහිදී හඳුන්වාදීම සිදුකෙරිණි.
දේශීය විලාසිතා ක්ෂේත්‍රයේ ඉතා වැදගත් හිඩැසක් පුරවාලමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන %මූස්^ සමාගම උසස් ශිල්පීයත්වයෙන් සහ පරිපූර්ණත්වයෙන් යුත් ඇඟලුම් නිර්මාණ රැසක් දායක කොට තිබේ. සෑම ඇඳුමක් සඳහාම උසස් වර්ගයේ රෙදි පිළි භාවිතා කරන නවීන නිෂ්පාදන ක්‍රියාවලියක් තුළින් නිමි ඇඳුම් නිර්මාණයට ඔවුහු කැපවී සිටිති. %මූස්^ නිමි ඇඳුම් මේ වනවිට දිවයිනේ හවුල්කාර වෙළෙඳසැල් 135ක් පුරාවට ලබාදෙන අතර, මැදපෙරදිග රටවල් සඳහාද %මූස්^ නිමි ඇඳුම් අලෙවි කිරීම සිදුවේ.
කැළුම් දේවින්ද / ඡායාරූප - එෂාන් ප්‍රනාන්දු