මහජන චීන සමූහාන්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් චීන සංස්කෘතික හා සංචාරක සතියක් ශ‍්‍රී ලංකාවේදී...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-791

1949 ඔක්තෝම්බර් 01 දින ලෝක ඉතිහාසය තුල අනගි සමරුවක් තැබූ දිනයකි. ඒ ‘‘මහජන චීන සමූහාණ්ඩුව’’ බිහිකිරීම නිසාය. ඉතා අපහසුතා, දුෂ්කර කාලවකවානු පසුකර අද, චීනය ලෝකය තුල අති විශිෂ්ඨ ස්ථානයක් බිහිකරගනිමින් සිටි. 2019 ඔක්තෝම්බර් 01 වන දිනට මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා 70 වන සංවත්සරය සමරයි.

ඊට සමාගමීව චීනයේ - හුබෙයි පලාත නියෝජනය කරමින් සංස්කෘතික හා කලා නිර්මාණ කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත. ශ‍්‍රී ලංකාවේ, චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ හා හුබෙයි පළාතේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණි මේ කණ්ඩායම ‘‘හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය - 2019’’ දැක්ම ශ‍්‍රී ලංකාවේදී පවත්වයි.

එහි ආරම්භක උත්සවය පසුගිය 24 වනදා කොළඹ පිහිටි ශ‍්‍රී ලංකාවේ, චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී ඇරඹිනි. එම ප‍්‍රදර්ශණයට චීනයේ - හුබෙයි පලාතේ චිත‍්‍ර ශිල්පීන්ගේ මෙන්ම හුබෙයි පලාතේ සංචාරය කල ශ‍්‍රී ලාංකික චිත‍්‍ර ශිල්පීන්ගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයන්ද, හුබෙයි පලාතේ සංචාරය කල ශ‍්‍රී ලාංකික ඡුායාරූප ශිල්පීන්ගේ ඡුායාරූප හා හුබෙයි පලාතේ ආකර්ශණීය සංචාරක ස්ථාන පිළිබ`ද ඡුායාරූප ප‍්‍රදර්ශණයක්ද, එමෙන්ම චීනයේ - හුබෙයි පලාතට ආවේණික අස්පෘශ්‍ය සංස්කෘතික හා කලා උරුමයන්් පිළිබ`ද ප‍්‍රදර්ශණයකින්ද සමන්විත විය.

එදිනම 24, සවස කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ර`ගහලේදී ඉදිරිපත් කෙරුණු චීනයේ හුබෙයි පලාතට ආවේණික නැටුම්, ගැයුම්, සංගීත හා සර්කස් වලින් සමන්විත වූ සංස්කෘතික ප‍්‍රසංගයද ඉතා වටිනා හා මනරම් සංස්කෘතික දැක්මක් විය.

කොළඹ පිහිටි ශ‍්‍රී ලංකාවේ, චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී සැප්තැම්බර් 28 වන දින දක්වා පැවැති ප‍්‍රදර්ශණයට අමතරව ප‍්‍රථම වතාවට මෙවර ශ‍්‍රී ලංකාවේ උතුරු පලාතේ ද චීන - හුබෙයි සංස්කෘතික ප‍්‍රදර්ශණය හා සංදර්ශණය පැවැත්වුනි.

ඒ, කිලිනොච්චියේ ආරක්ෂක සේනා මූලස්ථානයේ ‘‘නෙළුම් පියස’’ ශ‍්‍රවණාගාරයේ පැවැති මනරම් සංදර්ශණයයි. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය හා 57 වන සේනාංකයේ සංවිධායත්වයෙන් පැවැති එම දැක්මද උතුරු පලාතේ ජීවත්වන ජනතාවට ලැබුණු ඉතා දුර්ලභ අත්දැකීමක් විය.

සමස්ථ චීන - හුබෙයි සංස්කෘතික හා සංචාරක සතිය වැඩසටහන ස`දහා මහජන චීන සමූහාණ්ඩුවේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය, හුබෙයි පලාතේ මහජන රජය, හා ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දායකත්වය දැක්වූ අතර, ශ‍්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය, හා චීනයේ හුබෙයි පලාතේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් අනුග‍්‍රාහකත්වය ලබාදුනි.

ප‍්‍රදර්ශණය හා සංදර්ශණය ඉදිරිපත් කිරීම චීනයේ හුබෙයි පලාතේ කලා නිර්මාණ පිළිබ`ද වෘත්තීය පාසල, හුබෙයි පලාතේ ජනකලා මධ්‍යස්ථානය, හුබෙයි පලාතේ ලලිත කලා ආයතනය හා හුබෙයි පලාතේ අසපෘශ්‍ය උරුමයන් සුරැුකීමේ මධ්‍යස්ථානයේ සහයෝගීතාවයෙන් සිදුවිය.

 

2019-09-17-ent-772 2019-09-17-ent-773 2019-09-17-ent-774 2019-09-17-ent-775 2019-09-17-ent-776 2019-09-17-ent-777 2019-09-17-ent-778 2019-09-17-ent-779 2019-09-17-ent-780 2019-09-17-ent-781 2019-09-17-ent-782 2019-09-17-ent-783 2019-09-17-ent-784 2019-09-17-ent-785 2019-09-17-ent-786 2019-09-17-ent-787 2019-09-17-ent-788 2019-09-17-ent-789 2019-09-17-ent-790  2019-09-17-ent-792 2019-09-17-ent-793