පෝටිසිටි ළමා දින වැඩසටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-18-ent-70

ඔබ දන්නවා පෝට්සිටිය නැත්නම් වරාය නගරය කියලා කියන්නේ මහ මුහුද ගොඩකරලා අපේ රටට එකතු කරන කොළඹ නගරයේම දිගුවක්. නැත්නම් අලුත්ම නගරයක්. තවම ඉදිකිරීම් සිදුකරන කොළඹ වරාය නගරයට පසුගිදා සුවිශේෂී අමුත්තන් පිරිසක් පැමිණියා. ඒ ලෝක ළමා දිනයට සමගාමීව පෝට්සිටි ඉදිකිරීම් සමාගම සිය ආයතනයේ සේවයේ නියුතු සේවක සේවිකාවන්ගේ දුවාදරුවන්ට වගේම පිළියන්දල පිහිටි පිළිගත් ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ජීවත් වන දුවාදරුවන් රැසකට පෝට්සිටි වැඩ බිමට ඇවිත් සුන්දර දවසක් ගත කරන්න අවස්ථාව උදා කරලා දුන්නා.

ඒ අනුව පොඩිත්තෝ විශාල පිරිසක් අලුතින්ම ඉදිකල පෝට්සිටි ප්‍රදර්ශන පීඨිකාව වෙත කැඳවාගෙන ගිහින් ඔවුන් මේ ව්‍යාපෘතිය පිළිබඳ පෝට්සිටි සමාගමේ සහකාර වෙළඳ කළමණාකාර ඉඳුනිල් කරුණාරත්න මහත්මිය විසින් ඉතා මැනවින් කරුණු පැහැදිලි කරලා දුන්නා. ඉන් අනතුරුව ප්‍රවීණ කලා ශිල්පී ප්‍රියන්ත සෙනෙවිරත්න මහතා මෙහෙයවූ රසවත් හා විනෝදජනක ක්‍රියාකාරකම් වල නිරත වෙන්න අවස්ථාව උදා වුණා.

නැටුම්, ගැයුම්, චිත්‍ර ඇඳීම්, මැජික් සංදර්ශන ආදී නොයෙකුත් දෑ වලින් ඒ දවස වර්ණවත් වුණා. පැමිණි සියලුම දරුවන්ට වටිනා ත්‍යාග පිරිනැමීමටත් පෝට්සිටි ආයතනය කටයුතු යොදා තිබුණා. 

මේ වැඩසටහනට පෝට්සිටි ආයතනය වෙනුවෙන් එහි සේවය කරන චීන හා අනෙකුත් රටවල සේවක මහත්ම මහත්මීන්ගේ දුවා දරුවනුත් එක්ව සිටීම සුවිශේෂීයි. 

මීට අමතරව ආයතනයේ සේවක සේවිකාවන්ගේ පවුලේ අනෙක් සමාජික සාමාජිකාවන් වෙනුවෙන් ද ව්‍යාපෘතිය පිළිබඳ හඳුන්වා දීමක් සිදු කෙරුණු අතර එය එම සමාගමේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා ඉටු කරන ලදී.

එහිදී අදහස් දැක්වූ පෝට්සිටි සමාගමේ සහකාර සමාන්‍යාධිකාරී සයිමන් තාම් මහතා මේ ඉදිකරන සුවිසල් නගරයේ අනාගත උරුමකරුවන් ලෙස අපේ රටේ දරුදැරියන් වෙත පිරිනමන බවත් අනාගත ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍ය වනු ඇති පෝට්සිටි ව්‍යාපෘතිය කුඩා වයසේ දීම දෑසින් දැක ගැනීමට අවස්ථාව ලබා ගැනීම ඔවුන් ලැබූ භාග්‍යයක් බවත් සඳහන් කළා. වැඩිහිටි වයසට පැමිණි පසු මේ දරුවන් සියලු දෙනා හට පෝට්සිටිය තුල ජීවත්වීමටත් රැකියා කිරීමටත් අවස්ථාව උදාවනු ඇතැයි ප්‍රාර්ථනා කර සිටියා.

ළමා දින වැඩසටහන පෝටිසිටි සමාගම වෙනුවෙන් එහි මානව සම්පත් කළමණාකරු දමින්ද මලවිආරච්චි, මානව සම්පත් විධායක කසුන් ලක්ෂාන් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් හා සංවිධානත්වයෙන් සිදු කෙරිණි.

 

2019-09-18-ent-52 2019-09-18-ent-53 2019-09-18-ent-54 2019-09-18-ent-55 2019-09-18-ent-56 2019-09-18-ent-57 2019-09-18-ent-58 2019-09-18-ent-59 2019-09-18-ent-60 2019-09-18-ent-61 2019-09-18-ent-62 2019-09-18-ent-63 2019-09-18-ent-64 2019-09-18-ent-65 2019-09-18-ent-66 2019-09-18-ent-67 2019-09-18-ent-71