ප්‍රභා සර ප්‍රභා
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා නිලධාරිනියන්ගේ කුසලතා ඇගයීමේ උත්සවයක් එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පසුගිදා පැවැත්විණ.
ප්‍රථම වරට සංවිධානය කර තිබූ මෙම උත්සවය ‘ප්‍රභා සර ප්‍රභා’ යනුවෙන් නම් කර තිබුණි.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු,පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන,රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානා ගුණතිලක, අතිරේක ලේකම් කොමසාරිස් ජෙනරාල් රංජනී ජයකොඩි, කොමසාරිස් මෙහෙයුම් හර්ෂණ ඉලුක්කුඹුර ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි