නෙළුම් පොකුණෙ චීන නැටුම්
රන්වන් හිරැ දහර අවුරැද්දෙ හැම දවසකම වැටෙන ලෝකයේ එක අන්තයකට ගිහින් එන්න අපටත් හිතුණා. ඒ අන්තය සන්යා. සන්යා තියෙන්නෙ චීනයේ. සේද මාවත දිගේ ඔන්න අපිත් ගියා චීනයට. සන්යාව ගැන කීවට අපිට සන්යාව නම් ඇස්දෙකින් දකින්න ලැබුණෙ නෑ. සේද මාවත දිගේ ආව නැටුමට, වැයුමට, ගැයුමට හරිම හපන් චීන කට්ටියක් නම් ඔන්න අපට හම්බවුණා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී. එයාලගේ හැකියාව අති විශිෂ්ටයි කියන සහතිකය නොදී ඉන්නෙ කොහොමද හිතුණේ එයාලා නටන, ගයන, වයන ආකර්ෂණීය අපූරුව දුටුවමයි.
Happy Chinese New Year &Blue Melody* Maritime silk Route Concert ලංකාවේ පැවැත් වුණේ පළමු වතාවට. සන්යා සන්බර්ඞ් සංස්කෘතික ව්‍යාපාරය සමඟ එක්වී සේද මාවතේ සංගීත කණ්ඩායම චීන ගැමි සංගීත සන්නාමය ලෝකය පුරා ගෙනියන්න දරන වෑයම ඇත්තටම ප‍්‍රසංශනීයයි. බලන්න මේ වේදිකාව මත මොහොතක් නැවතිලා, අපි ඒ කියූ කතාව ඇත්තක් නේද කියලා.
සංජු
සේයාරූ / සුමුදු