නව OPPOF5 දුරකථනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20171116Oppo-1

Selfie කලාවේ පුරෝගාමියා සහ ප‍්‍රමුඛයා වන OPPO සමාගම නව OPPO F5 දුරකථනය නිල වශයෙන් මෙරටට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ඊට අමතරව, ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ තමන් ලද සාර්ථකත්වය සංකේතවත් කරමින් .Selfie Expert and Leader. ලෙස නව සන්නාම පාඨයක්ද එහිදී හඳුන්වා දෙන ලදි. මේ වනවිට OPPO දුරකථන රටවල් 28 ක තරුණ තරුණියන් මිලියන 200 කගේ පමණ හදවත් දිනාගැනීමට සමත් වී තිබේ. ශ‍්‍රී ලංකාවේදී OPPO දියත් කරන ත්‍්‍යෘ සහ ත්‍මකක ීජරුැබතිරයක් සහිත ප‍්‍රථම දුරකථනය මෙම F5 දුරකථනය වන අතර, Selfie ඡායාරූප තවතවත් අලංකාර කරන පුරෝගාමී තාක්ෂණයක් වන ්ගෂග ඊැ්මඑහ තාක්ෂණයද මීට ඇතුළත් ය.  මෙම තාක්ෂණය Selfie කලාව නව මානයකට රැගෙන යනු නිසැක ය.

20171116Oppo-2

රු. 47,990 කට මිල නියම කර ඇති OPPO F5 දුරකථනය නොවැම්බර් මස 11 දින දිවයින පුරා අලෙවිසෑල් වලින් මිලදීගත හැකි වනු ඇත. OPPO රසිකයන්ට මාදිලි කිහිපයක් අතරින් තමන් කැමති මාදිලිය තෝරාගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා F5 6GB සහ F5 Youth ලෙස තවත් මාදිලි දෙකක්ද හඳුන්වා දෙනු ලබන අතර මෙම මාදිලි එළඹෙන දෙසැම්බර් මාසයේ සිට මිලදීගැනීමේ අවස්ථාව හිමි වේ.

‘‘මෙයOPPO Sri Lanka සමාගමට ඉතාමත් සුවිශේෂී කාලසීමාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. A.I. Beauty Technology  සහිත නව F5 දුරකථනය හඳුන්වා දීමට අමතරව සමාගම නව ක‍්‍රමෝපායික දිශානතියක් කරා අලූත් ගමනක් ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. නව විශේෂාංග රාශියක් සහිත මෙම දුරකථනය පෙර මාදිලි මෙන්ම මෙරට තරුණ තරුණියන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වේවි කියා මට විශ්වාසයි.”OPPO Sri Lanka හි ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

20171116Oppo-3

මෙමදුරකථනකාණ්ඩයේප‍්‍රමුඛයා බවට පත්වෙමින් තරුණ තරුණියන්ට විශිෂ්ටතම Selfie අත්දැකීම තිළිණ කිරීමට OPPO දරන උත්සාහ The Selfie Expert and Leader’ යන නව සන්නාම පාඨයෙන් මැනවින් පිළිබිඹු වේ. 2012 වසරේදී ප‍්‍රථම වරට තම දුරකථන සඳහා Beautify මෘදුකාංග හඳුන්වා දීමේ පටන්ම Selfie ඡායාරූප තාක්ෂණයේ ප‍්‍රමුඛයා ලෙස වෙළඳපොළේ ඉදිරියෙන් සිටීමට OPPO සමත් වී ඇත. එමෙන්ම 2013 වසරේදී OPPO අංශක 206 භ‍්‍රමණය වන කැමරාවක් සහිත දුරකථනයක් (N1) හඳුන්වා දුන් ප‍්‍රථම සන්නාමය බවට පත්වූ අතර සමූහ Selfie ඡායාරූප සඳහා අංශක 120 පුළුල් කෝණයක් සහිත කැමරාවක් හඳුන්වා දුන් ප‍්‍රථම සන්නාමයද විය.

ශී‍්‍ර ලංකාවේ තරුණ පරපුර අතර OPPO වේගයෙන් ජනප‍්‍රිය වීම, සමාගමේ සිදුවී ඇති මෙම වෙනස්කම් වලට එක් ප‍්‍රධාන හේතුවක් වේ. මේ වනවිට Selfie දුරකථන තෝරාගැනීමේදී තරුණ පරපුරේ පළමු තේරීම බවට පත්වීමට OPPO සමත් වී ඇත. දැනට ලොවපුරාමිලියන 200 කටඅධික තරුණ තරුණියෝ OPPOදුරකථනභාවිතාකරති. OPPOසන්නාමයමේවනවිට ශ‍්‍රී ලංකාවට බෙහෙවින් සමීප සන්නාමයක් බවට පත්වී ඇති අතර එහි කාර්ය මණ්ඩලයෙන් 99% කට අධික ප‍්‍රතිශතයක් සමන්විත වන්නේ ශ‍්‍රී ලාංකිකයන්ගෙනි.

20171116Oppo-4 20171116Oppo-5 20171116Oppo-6 20171116Oppo-7