දෙව් වදන අසන්න සංයුක්ත තැටිය එළි දුටු දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

ශ්‍රී ලංකා කතෝලික සභාවේ අගරදගුරු පදවි ජන සන්නිවේදන  හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වාද්‍ය විශාරද ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කෙරුණු ‘දෙව් වදන අසන්න’ සංයුක්ත තැටිය ජනගත කිරීමේ උත්සවය කොළඹ 08 කින්සි පාරේ පිහිටි ජන සන්නිවේදන  හා සංස්කෘතික කේන්ද්‍රයේදී පසුගියදා පැවැත්වුණා.

සහයක රදගුරු ගරැ ජේ.ඩී.ඒ ඇන්තනී පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවති අතර සංයුක්ත තැටියේ මුල් පිටපත  එඩ්මන්ඩ් තිලකරත්න පියතුමන් විසින් රදගුරුතුමන් වෙත පිළිගැන්විණි. ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන පරිදිම මතෙව් , මාක් , ලූක් , ජුවාම් යන ශුද්ධවරයින්ගේ පරිච්ඡේද ඇතුලත් සංයුක්ත තැටි හතරකින් මෙය සමන්විත වන අතර මේ සඳහා හඬ දායකත්වයෙන් රත්නශීලා පෙරේරා , ජූඩ් අයිවන් , රොෂාන් වික්‍රමසිංහ සහ දිනුත් පෙරේරා  ද ශබ්ද පරිපාලනයෙන් ගයාන් බෙන්තරගේ ,සම්පත් ප්‍රනාන්දු සහ මාලන් ඩේවිඩ් ද දායක වී ඇත. අද අපේ event of the week වෙන්වන්නේ දෙව් වදන අසන්න එළිදැක්වීම වෙනුවෙනි.

 

I  Romesh Dhanushka Silva 

 

2019-05-13-ent-08 2019-05-13-ent-09 2019-05-13-ent-10 2019-05-13-ent-11 2019-05-13-ent-12 2019-05-13-ent-13 2019-05-13-ent-14 2019-05-13-ent-15 2019-05-13-ent-16 2019-05-13-ent-17 2019-05-13-ent-18 2019-05-13-ent-19 2019-05-13-ent-20