'දෙරණ ලිට්ල් ස්ටාර්- සීසන් නයින්' අවසන් මහා තරගය දා
‘දෙරණ ලිට්ල් ස්ටාර්- සීසන් නයින්’ අවසන් මහා තරගය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්විණි.
මාස 11ක පමණ කාලයක්, දිවයිනේ විසිරී, පැතිරී සිටින දක්ෂ දරු දැරියන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැති මූලික වටයේ තරගවලින් දක්ෂතා දැක්වූ 20 දෙනෙකු අවසන් මහා තරගයේදී ජයග්‍රහණය වෙනුවෙන් තරග වැදුනි.
මෙහිදී වයස අවුරුදු 08න් පහළ හා 12න් පහළ වශයෙන් ගායන හා නර්ථන තරග ඉසව් දෙකක් පැවැති අතර විනිසුරු තීරණයෙන් දක්ෂතම පුංචිතරුවද ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රියම පුංචි තරුවද තෝරා ගැණුනි.
ඒ අනුව වයස අවුරුදු 08න් පහළ ගායන ඉසව්වේ ජනප්‍රියම පුංචි තරුව බවට පත්වූයේ අක්ෂා චමුදි දැරියයි. එම ඉසව්වේ දක්ෂතම තරුව ලෙස ඉරේෂා රාජිණී සම්මාන දිනාගත් අතර, එහි අනුශූරතාව අක්ෂා චමුදි දැරියට හිමිවිය.
වයස අවුරුදු 08න් පහළ නර්තන අංශයේ ජනප්‍රියතම කිරුළ හිමිවූයේ තිනුලි දිහස්නා දැරියටයි. එම ඉසව්වේ දක්ෂතම පුංචි තාරකාව ලෙස යෙහන්සා මින්සදී සම්මාන දිනාගත් අතර, අනුශූරතාව තිෂ් කෙනුජට හිමිවිය. වයස අවුරුදු 12න් පහළ ගායන ඉසව්වේ ජනප්‍රියම කිරුළ සමිදි සුභාරා විසින් දිනාගන්නා ලදී.
එම ඉසව්වේ දක්ෂතම පුංචි තරුව ලෙස සිතිජ තීක්ෂණ අභිෂේක ලබද්දී අනුශූරතාව අෂිනි චමත්කාට හිමිවිය.
අවුරුදු 12න් පහළ නර්තන අංශයේ ජනප්‍රියම පුංචි තාරකාව ලෙස සම්මාන දිනාගත්තේ දොන් ජිනෙව්රා දැරියයි.
එම ඉසව්වේ දක්ෂතම පුංචි තාරකාව ලෙස නෙත්මි උදාරි කිරුළ දිනාගත් අතර තිසෙන්දි ඩිලක්නා එහි අනුශූරතාව දිනාගත්තාය.