දෙරණ ලිට්ල් ස්ටාර් අටවැනි අදියර නිමවෙයි
සුහයිසී, විශ්මි, මධුරංග ජනේෂ් කිරුළු පලඳිති
"අරුමැසි වන රජ දහන" මැයෙන් ලාංකේය ළමා පරපුරේ කලා හැකියාවන් කරළියට රැගෙන ආ දෙරණ ලිට්ල් ස්ටාර් අවසන් මහා තරගය සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පසුගියදා (17දා) පැවැත්විණි.
එහිදී වයස අවුරුදු 08න් පහළ ගායන අංශය ජනප්රියම ජයග්රාහිකාවට හිමි කිරුළ සුහයිසී ඩේව් විසින් දිනාගැනීමට සමත් වූ අතර, එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ ජනප්රියම ජයග්රාහිකාව ලෙස කිරුළ පලඳින්නට විශ්මි පබසරා දැරිය සමත්වූවාය. වයස අවුරුදු 12න් පහළ ගායන අංශයේ ජනප්රියම ජයග්රාහකයා වූයේ මධුරංග ධර්මවර්ධනටය. එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ ජනප්රියම කිරුළට හිමිකම් කීමට ටෙහාන් දුලෙන් සමත්වූ අතර, දක්ෂතම කාණ්ඩයේ වයස අවුරුදු 08න් පහළ ගායන අංශයේ කිරුළ දිනාගැනීමට ජනේෂ් ජයනාත් සමත්විය.
දක්ෂතම කාණ්ඩයේ වයස අවුරුදු 08න් පහළ ගායන අංශයේ අනුශූරතාව දිනාගැනීමට අයේෂ් යසිරු සමත් වූ අතර, එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ දක්ෂතම තරුව වූයේ චරිත දේශප්රියයි. එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ අනුශූරතාව දිනාගැනීමට චානලී සිත්මි සමත්වූවාය. වයස අවුරුදු 12න් පහළ ගායන අංශයේ දක්ෂතම තරුවට හිමි කිරුළ හිමිකර ගැනීමට මෙත්මි විමංසා සමත්වූ අතර, දක්ෂතම කාණ්ඩයේ වයස අවුරුදු 12න් පහළ ගායන අංශයේ අනුශූරතාව දිනාගැනීමට ජනනි ඉමත්මා සමත්වූවාය. එම වයස් කාණ්ඩයේ නර්තන අංශයේ දක්ෂතම තරුව බවට පත්වීමට දෙව්නි සංජනා සමත්වූ අතර, එම වයස් කාණ්ඩයේ නර්ථන අංශයේ අනුශූරතාව දිනාගැනීමට පාරමී ප්රාර්ථනා සමත්වූවාය.
ඡායාරූප - චමත් වින්දුල