දැවෙන විහඟුන් මංගල දැක්ම දා
සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය වන ‘දැවෙන විහඟුන්’ (Burning Birds) හි මංගල දැක්ම පසුගිය 29 වැනිදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. ජාත්‍යන්තර වශයෙන් පවා විශාල කීර්තියක් හිමිකර ගත් සිනමා කෘතියක් වන ‘දැවෙන විහඟුන්’ නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ අතර, එහිදී මෙම චිත්‍රපටයේ තිර පිටපත කෘතියක් වශයෙන් දොරට වැඩීමද සිදුවිණ. ‘සරසවි’ ප්රකාශනයක් ලෙස නිකුත් වූ මෙම කෘතියේ පළමු පිටපත ප්රදානය කෙරුණේ සංජීවගේ ආදරණීය මවට වන අතර, එහි දෙවැනි තිර පිටපත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගැන්වීම සිදුවිණ. මෙහි සම නිෂ්පාදකවරුන් වන සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය පැමිණ සිටි මෙම උත්සවයේදී චිත්‍රපටයේ සහාය අධ්යක්ෂවරුන්ද ඇගයීමට පාත්‍ර විණ.
මාලන් විදානපතිරණ / ඡායාරූප - ශමීර රාජපක්ෂ