දක්ෂයන් බිහි කරන විස්ඩම් ආර්ට් ස්කූල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දශකයකට පෙර ළමුන් විසි දෙනෙකුගෙන් ආරම්භ කෙරුණු පැරඩයිස් ඔෆ් විස්ඩම් ආයතනය මේ වනවිට කා අතරත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. උපකාරක පන්තියක් ලෙසින් ආරම්භ කළ මෙය පසුකාලීන ව වඩා විශේෂිත වූ අධ්‍යාපන ආයතනයක් බවට පත් විය. ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන පැරඩයිස් ඔෆ් විස්ඩම්හි සෞන්දර්ය අංශයට නැඹුරු වූ සිසුහු විශාල පිරිසක් සිටිති.

එහි ප්‍රතිඵලය ලෙසින් 2017 මැයි 5,6,7 යන දිනයන්හිදී දැවැන්ත චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කරන්නට එහි ප්‍රධානී පරාක්‍රම රත්නායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට හැකියාව ලැබී තිබුණි. මේ වනවිට පැරඩයිස් ඔෆ් විස්ඩම් ආයතනය උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්වඇත්තේ එහි විවිධ වර්ගයේ වෘත්තීමය පාඨමාලාවන් ආරම්භවීමත් සමගය. දිවයිනේ ඇති සුවිශේෂී අධ්‍යාපන ආයතනයන්හි ගුරුවරුන්ගේ වැඩමුළුද පැරඩයිස් ඔෆ් විස්ඩම් ආයතනය මගින් සිසු දරුවන් සඳහා සංවිධානය කරනු ලබයි. අනාගතයේදී සෞන්දර්ය විෂයන් හදාරන සිසුන් ජාත්‍යන්තර මට්ටමට ගෙන යාම මෙම ආයතනයේ අරමුණ බව එහි ප්‍රධානී පරාක්‍රම රත්නායක මහතා සාරවිටට පවසා සිටියේය.

 

2017-12-05-ent-98 2017-12-05-ent-99 2017-12-05-ent-100 2017-12-05-ent-101 2017-12-05-ent-102 2017-12-05-ent-103 2017-12-05-ent-104 2017-12-05-ent-105 2017-12-05-ent-106 2017-12-05-ent-107 2017-12-05-ent-108 2017-12-05-ent-109 2017-12-05-ent-110 2017-12-05-ent-111 2017-12-05-ent-112 2017-12-05-ent-113 2017-12-05-ent-114 2017-12-05-ent-115 2017-12-05-ent-116 2017-12-05-ent-117 2017-12-05-ent-118 2017-12-05-ent-119 2017-12-05-ent-120 2017-12-05-ent-121 2017-12-05-ent-122 2017-12-05-ent-123 2017-12-05-ent-124 2017-12-05-ent-125 2017-12-05-ent-126 2017-12-05-ent-127 2017-12-05-ent-128 2017-12-05-ent-129 2017-12-05-ent-130 2017-12-05-ent-131 2017-12-05-ent-132 2017-12-05-ent-133 2017-12-05-ent-134 2017-12-05-ent-135 2017-12-05-ent-136 2017-12-05-ent-137 2017-12-05-ent-138 2017-12-05-ent-139



More In Hot Story