" තුරුභූමි " වෙනුවෙන් අපි විල්පත්තුවට
තාරුණ්‍යයේ ජවය සම්මතයෙන් ඔබ්බට ගෙනයන වෙනස්ම ආකාරයේ සොඳුරු නවාතැන Youth Of Hope අපගේ සංවිධානය සමග ගැහෙන කකියන සුපහන් මිනිසුන් ගේ සහභාගිත්වයෙන් 2019 - 06 - 15වන දින මුග්ධ මෝඝ නොමිනිසුන් අතින් කපා හල විල්පත්තු අම්මාගේ අතු ඉති රිකිලි සොයා ඒවාට පන දෙන්නට ඒවා නැවත වගා කරන්නට පෙල ගැසුණු යුද්ධ හමුදාව සමගින් ජාතියට පැළ ලක්ෂ 10ක් පුද කිරීමේ " Youth of Hope - තුරු භූමි " ව්යාප්පෘතියට සමගාමීව දිනකට විල්පත්තු භූමියේ පැළ කල හැකි උපරිම පැළ 1000ක් සිටුවමින් අපගේ දීර්ඝ කාලීන ව්යාප්පෘතියේ ආරම්භක පියවර අප ජූනි මස 15 වන දින සිදු කරන්නට යෙදුනි.
අප හා මේ සුවිසල් කාර්යයේ පෙරමන් බලා සහෝදරත්වයේ දෑත් ශක්තිමත් කරමින් 01. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, 02. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ( වන හා පාරසරික විද්‍යා අධ්‍යනය අංශය ), 03. පෙරාදෙණිය විශ්ව විද්‍යාලය ( වනාන්තර සංගමය ) 04.
සීමාසහිත පාරිසර සුරකින්නන්ගේ ජාතික සමුපකාර සමිතිය, 05. TV දෙරණ. යන ආයතන හා සංවිධාන එක්තුවෙන් උගතුන්, බුද්ධිමතු, නැණවතුන්, කලා කරුවන්, ශිෂ්‍යයන්, පරිසර හිතකාමී මිනිසුන් අතින් " තුරු භූමි " වෙනුවෙන් අද දවසේ මෙසේ ජාතියට පුද කරන තුරු පැළය මහ රුකක් වී ජාතියේ ප්රාණජීවය වේවා..! මතක තියාගනින් මිත්‍රයා ජීවය දුන්නේ අම්මා උනාට ශක්තිය දුන්නේ තාත්තා උනාට හුස්ම දෙන්නේ සොභාදහම කියලා.... අපි Youth Of Hope මනුෂ්‍යත්වයෙන් පිරි සොඳුරු මිනිසුන්ගේ සයිබර් අවකාශය..