දේශීය සාම්ප්‍රදායික ආහාර සංස්කෘතිය ලොවට ගෙනයන ‘තුනපහ අවන්හල’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වෝටර්ස් එජ් හෝටලය දේශීය සම්ප්‍රදායික ආහාර සංස්කෘතිය හා දේශීය දේ නව ලොවට ගෙන යන සියඅටවැනි ආපනශාලාව ලෙස ‘තුනපහ ශ්‍රී ලංකන්’ අවහන්ල පසුගියදා විවෘත කෙරිණි.

ඒකාකාරී නාගරික රටාවෙන් මිදී මඳකට හෝ ග්‍රාමීය පරිසරයකට ඔබ රැගෙන යන දේශීය කෑම වේලක රස සුවඳ විඳගනිමින් තම මනස සන්තර්පණය කරගැනීමට පාරිභෝගිකයාට මෙහිදී පහසුකම් සලසාදී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ අවන්හලට පැමිණෙන ඔබට දේශීය ආහාර ලබාගන්නේ නම් එම ප්‍රණීත රස ගුණ පිරි ආහාර බුෆේ වෙතින් ලබාගත යුතු නොවීමයි.

සෑම පාරිභෝගිකයෙකුගේම කෑම මේසය මත බුෆේ ක්‍රමයට ආහාර සූදානම් කර තිබීම විශේෂත්වයකි. අනෙක් සුවිශේෂී කරුණ නම් මෙම අවන්හලෙන් ලබාදෙන දේශීය ආහාර, පලතුරුවල ගුණාත්මක බව නිෂ්පාදනය කළ ප්‍රදේශය ආදී සියලු විස්තර පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කිරීමයි.

මෙහි දේශීය කලා ශිල්පීන්ගේ අත්කම් භාණ්ඩ, දේශීයව නිෂ්පාදනය කළ රෙදිපිළි සහ විසිතුරු භාණ්ඩ රැගත් සල්පිලක්ද ස්ථාපිත කර ඇත.

මෙම තුනපහ ශ්‍රී ලංකන් අවහන්හල විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු සහභාගිවී සිටියහ.

සටහන / ඡායාරූප - සරසි නෙත්මිණි

2017-03-09-ent-55 2017-03-09-ent-56 2017-03-09-ent-57 2017-03-09-ent-58 2017-03-09-ent-59 2017-03-09-ent-60 2017-03-09-ent-61 2017-03-09-ent-62 2017-03-09-ent-63 2017-03-09-ent-64 2017-03-09-ent-65 2017-03-09-ent-66 2017-03-09-ent-67 2017-03-09-ent-68 2017-03-09-ent-69 2017-03-09-ent-70 2017-03-09-ent-71 2017-03-09-ent-72 2017-03-09-ent-73 2017-03-09-ent-74 2017-03-09-ent-75 2017-03-09-ent-76 2017-03-09-ent-77 2017-03-09-ent-78 2017-03-09-ent-79 2017-03-09-ent-80 2017-03-09-ent-81

 ඡායාරූප - සරසි නෙත්මිණි 



More In Hot Story