තාරුණ්‍යය ඔපවත් කළ 39 වන ජාතික යෞවන සම්මාන උළෙල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-05-ent-56

ජාතික තරුණ සේවා සභාව වාර්ෂිකව සංවිධානය කරන යෞවනයේ මහා මංගල්‍ය වූ ජාතික යෞවන සම්මාන උළෙල වූ කලී තාරුණ්‍යට අතදෙන තාරුණ්‍ය ඔපවත් කරන මහා මංගල්‍යයක් බව කිවයුතුමය. මන්ද වසර 39ක් මුළුල්ලේ මේ යොවුන් සම්මාන උළෙලෙන් පන්නරය ගත් නිර්මාණකරුවෝ, දක්ෂයෝ අද වන විට කලා ලොවේ සෑහෙන දුරක් ගොස් ඇත. මෙවරද ජාතික යෞවන සම්මාන උළෙලෙන් තම මාවත එළිපෙහෙළි කර ගත් දක්ෂයින් බොහෝය.

39 වන වරටත් පැවැත්වු ජාතික යෞවන සම්මාන උළෙල පසුගිය 28 වන දා මහරගම යොවුන් රඟහලේදී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය කේ. ඒ. එස්. කීරගල මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් / සභාපති නීතීඥ එරන්දික වැලිඅංගේ මහතාගේ සහ ප්‍රවීණ කලාකරුවන් සහ නවක කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

 

දමිළ කෙටි නාට්‍ය අංශයේ ජයග්‍රාහකයෝ

දමිළ කෙටි නාට්‍ය මාධ්‍යයෙන් හොඳම නළුවාට හිමි සම්මානය “පුදයින්ද කනවුගල්* නාට්‍යයේ ජය ප්‍රකාශ් එස් ෂර්මා හිමි වූ අතර, දමිළ මාධ්‍ය කෙටි නාට්‍ය නිශ්පාදනය දෙවන ස්ථානය “ ඉල්ලාද වර්කල්* නාට්‍යයේ පී.ප්‍රකාශ්ට හිමි විය.

 

කෙටි නාට්‍ය අංශයේ ජයග්‍රහකයෝ

 

කෙටි නාට්‍ය සිංහල මාධ්‍යයේ හොඳම නළුවාට “ ස්වර්ග රාජ්‍ය* නාට්‍යයේ ආර්.සුදර්ශන ක්‍රිෂාන්තට හිමි විය.

හොඳම රංගනය සඳහා “ජිංකානා* නාට්‍යයේ ජේලර්ගේ චරිතය නිරූපණය කළ උදිත ලියනගේ සම්මානය ලැබීය. හොඳම රංගනය සඳහා “ පුද්ගලිකයි රහසිගතයි* නාට්‍යයේ තෝමස්ගේ චරිතය නිරූපණය කළ කසුන් ලියනගේට හිමි විය.

 

  • හොඳම කෙටි නාට්‍ය නිළිය ලෙස “ පුද්ගලිකයි රහසිගතයි* නාට්‍යයේ තිළිණි ජයමාලි සම්මානයට පාත්‍ර විය.
  • හොඳම රංගනය සඳහා වූ නිර්දේශිත සම්මානය ස්වර්ග රාජ්‍ය* නාට්‍යයේ කුමාරිහාමිගේ චරිතය නිරූපණය කළ ආශා හංසනී පෙරේරාට හිමි විය.
  • හොඳම රංගනය සඳහා වූ නිර්දේශිත සම්මානය “ බිසෝ අම්බලම* නාට්‍යයේ තරුණියගේ චරිතය නිරූපණය කළ කසුනි ප්‍රනාන්දුට හිමි විය.
  • කෙටි නාට්‍ය සිංහල මාධ්‍ය හොඳම නිශ්පාදනය වශයෙන් “ස්වර්ග රාජ්‍ය* නිශ්පාදනය කළ එම්.සුරේෂ් මධුෂාන් සම්මානයට පාත්‍ර විය.
  • දෙවන ස්ථානය “ජිංකානා* නාට්‍යයේ මුදිත ජයසූරියට හිමි වූ අතර,
  • තෙවන ස්ථානය “ ඇයි අපිට ඩොමීනියන්ද* නාට්‍යයේ රුවන් හෙට්ටිආරච්චි විසින් ලබාගන්නා ලදී.

 

දිගු නාට්‍ය අංශයේ ජයග්‍රාහකයෝ

දිගු නාට්‍යය අංශයේ හොඳම නළුවා ලෙසින් “ සූකර අසපුව* නාට්‍යයේ පාවෙල්ගේ චරිතය නිරූපණය කළ ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමිට හිමි වූ අතර, හොඳම රංනය සඳහා වූ නිර්දේශිත සම්මානය “ මායා බන්ධන* නාට්‍යයේ ප්‍රොක්ටර්ගේ චරිතය නිරූපණය කළ අනුරාධ මල්ලවආරච්චිට හිමි විය.

හොඳම නිළිය මෙවර සම සම්මාන දෙකක් ලබා දුන් අතර, 2017 යෞවන නාට්‍ය උළෙලේ හොඳම නිළිය සම සම්මානය “ සූකර අසපුව* නාට්‍යයේ රස්කයාගේ චරිතය නිරූපණය කළ ඕෂධී ගුණසේකරට හිමිවිය.

“මායා බන්ධන' නාට්‍යයේ මිසිස් ප්‍රොක්ටර්ගේ චරිතය නිරූපණය කළ මිහිරි ප්‍රියංගනී යාපා ට හොඳම නිළියට හිමි සම සම්මානය හිමිවිය.

දිගු නාට්‍යය සිංහල මාධ්‍යයේ හොඳම නිෂ්පාදනය “ මායා බන්ධන* නාට්‍යය නිෂ්පාදක උෂාන් පෙරේරාටත්

එහි දෙවන ස්ථානය සූකර අසපුව නාට්‍යය නිශ්පාදනය කළ ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමිට හිමි වූ අතර,

තෙවන ස්ථානය “ප්‍රපාතය ලග වන්සපතී* නාට්‍යය නිෂ්පාදනය කළ රංග මනුප්‍රිය සහ ක්‍රිෂේන් එල් සිරිවර්ධනට හිමි විය.

 

මෙම සම්මාන උළෙලේදී සම්මානලාභීන් 164 දෙනෙකු සඳහා සම්මාන හා සහතිකපත් ලබා දෙන ලදී. ජාතික තරුණ සේවා සභාවේ යොවුන් රංගන ශිල්පීන් ඉදිරිපත් කළ රසාලිප්ත රංගන තුළින් සම්මාන උළෙල වර්ණවත් විය.

 

2017-12-05-ent-49 2017-12-05-ent-50 2017-12-05-ent-51 2017-12-05-ent-52 2017-12-05-ent-53 2017-12-05-ent-54 2017-12-05-ent-55  2017-12-05-ent-57 2017-12-05-ent-58 2017-12-05-ent-59 2017-12-05-ent-60 2017-12-05-ent-61 2017-12-05-ent-62 2017-12-05-ent-63



More In Hot Story