ඩයලොග් රිද්ම රැයක් 2017



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-17-ent-20

මෙම මස 29 වැනිදා BMICH හිදී වේදිකාගත වේ

ගීත නිර්මාණක කේන්ද්‍රය (OSCA) සමග 'ඩයලොග්' සමාගම අත්වැල් බැඳගෙන පවත්වන %ඩයලොග් රිද්ම රැයක් 2017^ මෙම මස 29දා BMICH හිදී වේදිකාගත වීමට නියමිතය.

මෙකී ප්‍රසංගය විශේෂ තේමාවක් පාදක කරගනිමින් වඩාත් ප්‍රාසාංගික අයුරින් රසිකයන් හමුවට ඉදිරිපත් කරන අතර, එහිදී 70, 80, 90 දශකයේ හි සිට 2000 වකවානුව දක්වා වූ ගීත සමූහ ගායනා වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එම ප්‍රසංගයේදී නවක ගායක ගායිකාවන්ගේ සිට ප්‍රවීණ ගායක ගායිකාවන් දක්වා වූ ශිල්පීන් 50කට වැඩි පිරිසක් රසිකයන්ව අමන්දානන්දයට පත් කිරීමට සූදානමින් සිටින අතර, ලංකාවේ ප්‍රථම වරට ගායික ගායිකාවන් 100කට අධික ප්‍රමාණයක් සහ ගීත 80කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී ගැයීමට සූදානම්ව පවතී.

සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, දීපිකා ප්‍රියදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, නාමල් උඩුගම, සමිතා මුදුන්කොටවු, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, කොරීන් අල්මේදා, රොනී ලීච්, සොහාන් වීරසිංහ, කීර්ති පැස්කුවෙල් යන ගායක ගායිකාවන් සහ කාවින්ද්‍යා අධිකාරී, හර්ෂණ දිසානායක, භාතිය සහ සංතුෂ් ඇතුළු නව පරම්පරාවේ ගායක ගායිකාවන්ගේ මියුරු ස්වරයෙන් ප්‍රසංගය වර්ණවත් වන අතර, අර්නස්ට් සොයිසා විසින් මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදුකරනු ලබයි.

%ඩයලොග් රිද්ම රැයක් 2017^ ප්‍රසංගය, සංගීත ක්ෂේත්‍රයේ නියැළෙන කලාකරුවන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීමටත්, වෘත්තීය ස්ථාවරත්වය රැකගැනීමටත්, ප්‍රවීණ කලාකරුවන් වෙත වසරක් පාසා සෞඛ්‍ය හා ජීවිත රක්ෂණාවරණයක් පිරිනැමීමටත්, සාමාජිකයන්ගේ අවශ්‍යතා සොයාබලා සැපිරීමත් පිණිස පවතින අරමුදල සවිමත් කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රසංගයකි.

%රිද්ම රැයක්^ ප්‍රසංගය සඳහා රු 2000/= සිට රු.6000/= දක්වා පරාසය තුළ තමන්ට කැමැති අයුරෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමෙන් ආසන වෙන්කරවාගත හැකි අතර, ඩයලොග් පාරිභෝගියකු හට 444 අමතා තමන්ට අවශ්‍ය පරිදි ආසන වෙන්කරවා ගැනීමට හැකියාව තිබේ.

 

ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ

 

 2017-10-17-ent-07 2017-10-17-ent-08 2017-10-17-ent-09 2017-10-17-ent-10 2017-10-17-ent-11 2017-10-17-ent-12 2017-10-17-ent-13 2017-10-17-ent-14 2017-10-17-ent-15 2017-10-17-ent-16 2017-10-17-ent-17 2017-10-17-ent-18 2017-10-17-ent-19 



More In Hot Story