ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වන සංවත්සරය
ටෙලි නිර්මාණවේදින්ගේ 25 වැනි සංවත්සර උළෙල සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍යය අධ්‍යක්ෂක සුමිත්‍රා පිරීස්,ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස,ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීනි අයිරාංගනී සේරසිංහ, රංගන ශිල්පීනි ආචාර්ය මාලනී ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, සංගීත අධ්‍යක්ෂක ආචාර්ය රෝහණ වීරසිංහ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදි පැවැත්වීය.
මෙම සංවත්සර උළෙලේදී චිත්‍රපට අධ්‍යක්ෂක හා ගේය පද රචක මහාචාර්ය සුනිල් ආරියරත්න, රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන, තිර නාටක රචක කේ.බී. හේරත්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක දි.ග සෝමපාල, රූපවාහිනි තාක්ෂණ ඉංජිනේරු රොහාන් පෙරේරා යන මහත්ම මහත්මීන්ට සාමාජිකත්වයෙන් උපහාර පුද කරන අතර, ටෙලි සම්මාන උත්සව සංවිධානය කරමින් ටෙලිනාට්‍ය කලාවේ ප්‍රවර්ධනයට කටයුතු කරන ලද සුමති ටෙලි සම්මාන වෙනුවෙන් තිලංග සුමතිපාල, රයිගම් ටෙලීස් සම්මාන උළෙල වෙනුවෙන් ආචාර්ය රවී ලියනගේ, රාජ්‍ය ටෙලිනාට්‍ය සම්මාන උළෙල වෙනුවෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුවටත්, සිග්නීස් ටෙලිසම්මාන උළෙල වෙනුවෙන් සිග්නීස් (ලංකා) ආයතනයත් විශේෂ ඇගයුම් සම්මාන පුද කිරීමත් සිදුවිය. මෙහිදී රංගන පාඨමාලාව නිමකර සිසුන්ට සහතික පත්‍ර ප්රදානය කිරීමද සිදුකෙරුණි.
නිදුක් මදුෂික/ජායාරූප ඉසුරු පෙරේරා..