ජැකාගේ ‘එකගෙයි සොකරි’ ළඟදීම
‘ක්‍රි‘යේටිව් හෙලන්කා’ පුද්ගලික ආයතනයේ නිෂ්පාදනයෙන් ජැක්සන් ඇන්තනී තිර රචනය කර අධ්‍යක්ෂණය කළ නවතම සිංහල චිත්‍රපටය ‘එකගෙයි සොකරි’ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍ර‘යේදී පැවැත්විණ.
ලංකාවේ ඈත පිටිසර ගම්වල පැවැති එකගෙයි කෑම නම් විවාහ සම්ප්රදාය තේමා කර ගනිමින් 1930 දශකයේ අග භාගයේ ගමක සිදුවන සිද්ධි දාමයක් තේමා කර ගනිමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටයේ උදාරි වර්ණකුලසූරිය, අකිල ධනුද්දර, සජිත අනුත්තර, විල්සන් ගුණරත්න, ටෙරී ජයසිංහ, රුවන් පෙරේරා, සෙනාලි ෆොන්සේකා, ආරියරත්න කළුආරච්චි, සම්පත් තෙන්නකෝන්, සුසිලා කොට්ටගේ සහ රුවන් වික්‍රමසිංහ ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණය කරති. වැඩ නිමකර ප්‍රදර්ශනයට සූදානම් කර ඇති චිත්‍රපටය ඉදිරියේදී EAP මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනයට නියමිතය.
ක්‍රිශාන් රණසිංහ