ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2017



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ’ශ්‍රී ලංකා කර්තෘ සංසදය’ එක්ව සංවිධානය කළ’ජනමාධ්‍ය විශිෂ්ටතා’ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍ය‘වේදියා ලෙසින්’අද’ පුවත්පතේ ක්‍රීඩා මාධ්‍ය‘වේදී පැතුම් ශ්‍රී විජේරත්න මහතා සම්මානයට පාත්‍ර විය.

මෙම සම්මාන උළෙල පෙරේදා (31 දා) රාත්‍රි‘යේදී ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණි.

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ බිරිඳ වන ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ සභාපති සුගන්ධි කදිරගාමර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත් වූ අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති මණික් ද සිල්වා, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරන ලද විශිෂ්ට සේවාව උදෙසා ජනමාධ්‍ය ක්ෂේත්‍රෙය් ප්‍රවීනයන් වන කලාභුෂණ ඒ එල් එම් සලීම් , ඒ එස් ප්‍රනාන්දු , සිරිල් විමලසුරරේන්ද්‍ර , මෙරිල් පෙරේරා , සින්නයියා කනේසන් මහත්වරැන් විශිෂ්ට සම්මානයෙන් පිදුම්ලැබීය

එහිදී සම්මාන හිමිකරගත් පුවත්පත් සහ මාධ්‍ය‘වේදීන් මෙසේය.

 

වසරේ හොඳම ප්‍රවෘත්ති වෙබ් අඩවිය

  • (සිංහල) - දේශය (www.deshaya.lk),
  • (ඉංග්‍රීසි)- ඩේලිමිරර් (www.dailymirror.lk)
  • (දෙමළ) - තිනකරන් (www.thinakaran.lk )

 

වසරේ හොඳම ප්‍රවෘත්ති වෙබ් අඩවිය කුසලතා සම්මානය

  • දිණමිණ (www.dinamina.lk),
  • ඩේලි නිව්ස් (www.dailynews.lk) ,
  • තිනකුරල් ( www.thinakkural.lk)

 

වසරේ විශිෂ්ටතම නිර්මාණාත්මක පුවත්පත

  • ’රාවය’ පුවත්පත

 

වසරේ හොඳම කාටුන් ශිල්පියා

  • ( සිංහල ) - දොන් වීරරත්න (මව්බිම පුවත්පත),
  • ( දෙමළ ) - සවුන්දිස් ධර්මදාස (වීරකේෂරී පුවත්පත),
  • ( ඉංග්‍රීසි ) - ජෙෆරි මයික් (දී අයිලන්ඩ් පුවත්පත)

 

වසරේ විශිෂ්ටතම ඡායාරූප ශිල්පියා

  • ජේ.කුමාර් සුජීව කුමාර් (ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත)

 

කුසලතා සම්මාන

  •  ප්‍රියන්ත ගමගේ ( ලක්බිම පුවත්පත)
  • මොහොමඩ් ෂරීන් (වීරකේෂරී පුවත්පත)

 

වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍ය‘වේදියා

  • (සිංහල) පැතුම් ශ්‍රී විජේරත්න -’අද’ පුවත්පත ,
  • (දෙමළ) ජිතේන්ද්‍ර ප්‍රසාද් -’වීරකේෂරී’ පුවත්පත
  • (ඉංග්‍රීසි) චම්පික ප්‍රනාන්දු -’ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත

 

වසරේ විශිෂ්ටතම සුවසේවා මාධ්‍ය‘වේදියා

  • (සිංහල) - පාලිත ජයකොඩි (රිවිර පුවත්පත),
  • (ඉංග්‍රීසි) - උදාරා පී. අමරසිංහ (ඩේලිමිරර් පුවත්පත),
  • (දෙමළ)- සිවබාලම් සිවසූදන් - (වාලම්බුරි පුවත්පත)

 

වසරේ විශිෂ්ටතම පරිසර වාර්තාකරු

  • (සිංහල) - සපුමල් ජයසේන (මව්බිම පුවත්පත),
  • (දෙමළ) - ආදිල් අලි සබ්රිද් - (නවමනී පුවත්පත)
  • (ඉංග්‍රීසි) - ප්‍රස්නන කුරේ - (දී අයිලන්ඩ් පුවත්පත)

 

වසරේ විශිෂ්ටතම තීරු ලිපි රචකයා වෙනුවෙන් පිදෙන බී.ඒ. සිරිවර්ධන සම්මානය -

  • ජීවා සඤාසිවම් (වීරකේෂරී පුවත්පත),

 

කුසලතා සම්මාන

  • කනගලිගම් ගෝපික්‍රිෂාන් (ටැමිල් මිරර් පුවත්පත)

 

වසරේ විශිෂ්ටතම විශේෂාංග ලිපි රචනය වෙනුවෙන් පිදෙන උපාලි විජේවර්ධන සම්මානය

  • (සිංහල) තරංග රත්නවීර (දිවයින පුවත්පත),
  • (දෙමළ) රොබට් ඇන්තනි (වීරකේෂරී පුවත්පත),
  • (ඉංග්‍රිසි) සනුජ් හතුරුසිංහ (සිලෝන් ටුඩේ පුවත්පත)

 

කුසලතා සම්මාන

  • සුගත් කුලතුංග (දේශය පුවත්පත)
  • S. ෆාතිමාන් (සුඩරෝලි පුවත්පත)


 


විශේෂ අවස්ථා යටතේ වාර්තාකරණ සඳහා වන සම්මානය


 

කුලසතා සම්මාන -

  • එම්.සී. නජිමුදිත් (වීරකේෂරී පුවත්පත)
  • චාමර අමරසූරිය - (මව්බිම පුවත්පත)

 

වසරේ විශිෂ්ටතම ව්‍යාපාරික මාධ්‍ය‘වේදියා සම්මානය

  • (සිංහල)- ඉලිකා සමන්මලී ( ලක්බිම පුවත්පත),
  • (දෙමළ) - සුගන්දිරනාදන් අනුදිනාත් - (ටැමිල්මිරර් පුවත්පත)

 

සමාජ ප්‍රශ්න පිළිබඳ වාර්තාකරණය කළ වසරේ විශිෂ්ටතම මාධ්‍ය‘වේදී සම්මානය

  • ( සිංහල) - සම්පත් ජයලාල් ( ලංකාදීප පුවත්පත)
  • (ඉංග්‍රීසි) - සුලෝචන මොහාන්ස් (සිලෝන් ටුඩේ පුවත්පත),

 

කුලසලතා සම්මාන

  • ප්‍රියන්ත කුමාර් (තිනකුරල් පුවත්පත)

 

වසරේ විශිෂ්ටතම ගවේෂණාත්මක මාධ්‍ය‘වේදියා -

  • මිහිරාන් කරුණාරත්න ( ලක්බිම පුවත්පත)

 

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ක්‍රියාකිරීම උදෙසා පිදෙන සේපාල ගුණසේන සම්මානය

  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය‘වේදී සංගමය

 

ඩී.ආර්. විජේවර්ධන සම්මානය

  • ‘රාවය’ හිටපු කර්තෘ සහ’අනිද්දා’ කර්තෘ කේ.ඩබ්. ජනරංජන

 

වසරේ තරුණ ජනමාධ්‍ය‘වේදියා

  • තෙවරාජා විරුෂන් (වීරකේෂරී පුවත්පත)

 

කුසලතා සම්මාන

  • තිරිදු උඩුවරගෙදර සහ (රාවය පුවත්පත),
  • අමා ඉස්මයිල් (ඩේලි මිරර් පුවත්පත)

 

වසරේ විශිෂ්ටතම මාධ්‍ය‘වේදියා සඳහා වූ මර්වින්ද සිල්වා සම්මානය

  • කේ. සංජීව (රාවය පුවත්පත වෙනුවෙන්)

 

කුසලතා

  • චාන්දනී කිරින්දේ (සන්ඩේ ටයිම්ස්),
  • විශු කර්නානිධි (තිනකරන්)

 

වසරේ විශිෂ්ටතම පිටු සැකැස්ම සහිත පුවත්පත

  • ද සන්ඩේ ටයිම්ස් පුවත්පත

 

වසරේ උණුසුම් පුවත් වාර්තාවට පිදෙන සම්මානය

  • ද සන්ඩේ ටයිම්ස් කණ්ඩායම

 

ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ

 

2018-08-02-ent-01 2018-08-02-ent-02 2018-08-02-ent-03 2018-08-02-ent-04 2018-08-02-ent-05 2018-08-02-ent-06 2018-08-02-ent-07 2018-08-02-ent-08 2018-08-02-ent-09 2018-08-02-ent-10 2018-08-02-ent-11 2018-08-02-ent-12 2018-08-02-ent-13 2018-08-02-ent-14 2018-08-02-ent-15 2018-08-02-ent-16 2018-08-02-ent-17 2018-08-02-ent-18 2018-08-02-ent-19 2018-08-02-ent-20 2018-08-02-ent-21 2018-08-02-ent-22 2018-08-02-ent-23 2018-08-02-ent-24 2018-08-02-ent-25 2018-08-02-ent-26 2018-08-02-ent-27 2018-08-02-ent-28 2018-08-02-ent-29