චීන හොංකොං වයලීන් සංදර්ශනයක්
චීන හොංකොං වයලීන් සංදර්ශනයක් එළඹෙන චීන වසන්ත උත්සවය හා ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවය සැමරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ‘Hong Kong String Orchestra’ කණ්ඩායමේ සජීවී සංගීත ප්‍රාසාංගික අත්දැකීමක් පසුගියදා කොළඹ 07, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, ලයනල් එදිරිසිංහ ශාලාවේදී නොමිලේ පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ, චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ සංවිධානයෙන් හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ සම්බන්ධීකරණයෙන් මෙය පැවැත්වුණු අතර, ලෝකයේ සහ චීනයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ‘Hong Kong String Orchestra’ කණ්ඩායම සිටී.
මෙහි ප්‍රධාන උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ අධ්යක්ෂ ලියුඩොන්ග් මහතාගේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ හිටපු පීඨාධිපති හා ප්‍රවීණ සංගීතඥ මහාචාර්ය කෝලිත භානු දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණි.
‘Hong Kong String Orchestra’ සෙසු සජීවී ප්‍රසංගයන් කොළඹ බි්රතාන්ය පාසලේදී හා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීද පැවැත්වූ අතර, මෙහි සජීවී රූපගත කිරීමක් කොළඹ සිටි සෙන්ටර්හිදීද පැවැත්වුණි.