චීන වසන්ත උත්සවය හා චීන සංස්කෘතික දැක්ම - 2019



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ‍ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංවිධායකත්වයෙන් සිදුකෙරුණු චීන වසන්ත උත්සවය සැමරීමේ විශේෂ උත්සවයක් පසුගයිදා මෙරටදී පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය හා එතෙර චීන ජාතිකයන්ගේ මෙරට සංවිධානයේ සහයෝගතීතාවයෙන මෙය පැවැත්වුණි.

මහා නගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍යාංශයේ දායකත්වය සමගින් මෙම උත්සවය දින 5ක් මුළුල්ලේ කොළඹ නිදහස් මාවතේ පිහිටි ‘ආකේඩ්’ පරිශ්‍රයේදී නොමිලයේ පැවැත්වුණි.

ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති සංස්කෘතික සම්බන්ධතාවයන් තව තවත් ඔප් නැංවීමත්, චීනයේ වසන්ත උත්සවය සැමරීමත් මෙහි අරමුණ විය. මෙහි දින 5ක් මුළුල්ලේ චීන අත්කම් කලාව, කැටයම් කලාව, චීන ආහාර, චීන පොත්පත් හා භාෂා පිළිබඳව ප්‍රදර්ශන කුටි පැවැති අතර දැනුම මිනුම තරගද පැවැත්වුණි.

තවද චීනයේ Shanxi පළාතෙන් පැමිණි නර්තන, ගායන හා මැජික් සංදර්ශණවලින සමන්විත ප්‍රාසාංගික කණ්ඩයමක් දිනපතාම මෙහි නොමිලේ සංදර්ශනයන්ද පැවැත්වීය. මෙහිදී චීන තානාපති කාර්යාලයේ දායකත්වයෙන් පැවැති මල් වෙඩි සංදර්ශනයද ශ‍්‍රී ලාංකිකයන්ට ඉතා දුර්ලභ අත්දැකීමක් විය.

වසන්ත උත්සවය වෙනුවෙනට් සැකසුනු, චීන පහන් කූඩු දැක්මද දිනපතා පැවැති අතර, සාර්ථකව 3 වැනි වසරටත් පැවැති මෙම දර්ශන මාලාවට ඉතා විශාල ජනතා සහභාගිත්වයක් ලැබුණි.

මෙහි ප්‍රධාන උත්සවය මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හා මෙරට චීන තානාපති චෙනග් ෂුආන් මහතා හා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂක ජනරාල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණි.

මෙම උත්සවය සාර්ථක කරගැනීමට ආකේඩ් පරිශ්‍රයේ සේවකයන් කොළඹ මහනගර සභාව හා කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ටොරින්ටන් පරිශ්‍රයේ නිලධාරීන් ඇතුළු රැසකගේ දායකත්වයද නොඅඩුව ලැබුණි.

 

ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

2019-03-04-ent-06 2019-03-04-ent-07 2019-03-04-ent-08 2019-03-04-ent-09 2019-03-04-ent-10 2019-03-04-ent-11 2019-03-04-ent-12 2019-03-04-ent-13 2019-03-04-ent-14 2019-03-04-ent-15 2019-03-04-ent-16 2019-03-04-ent-17 2019-03-04-ent-18 2019-03-04-ent-19 2019-03-04-ent-20 2019-03-04-ent-21 2019-03-04-ent-22 2019-03-04-ent-23 2019-03-04-ent-24 2019-03-04-ent-25 2019-03-04-ent-26 2019-03-04-ent-27 2019-03-04-ent-28 2019-03-04-ent-29 2019-03-04-ent-30