'ගින්නෙන් උපන් සීතල' මාධ්‍ය දර්ශනය දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-08

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු අරඹන දෙවැනි තරුණ අරගලය මූලික කර ගනිමින් නිර්මාණය වූ ‘ගින්නෙන් උපන් සීතල^ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්විණි.

අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය සිනෙප්‍රො ලංකා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ ඉදිරිපත් කිරීමකි. ලංකාවේ ලාබාලතම නිෂ්පාදිකාව වන චමත්කා පීරිස් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ පර්යේෂණ සහ තිර රචනය ආරියවංශ ධම්මගේගෙනි. මෙහි කැමරාකරණය ධනුෂ්ක ගුණතිලකගෙන් වන අතර, මෙහි සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේගෙනි. මෙම චිත්‍රපටයේ සංගීතය නදීක ගුරුගේගෙනි.

මෙහි ප්‍රධාන චරිතය කමල් අද්දරආරච්චි විසින් නිරූපණය කරන අතර, සෙසු ප්‍රධාන චරිත සඳහා ජගත් මනුවර්ණ, සුලෝචනා වීරසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, දිල්හානි අශෝකමාලා, විශ්වජිත් ගුණසේකර, සුජීව ප්‍රියාල් යද්දෙහිගේ, ප්‍රසන්නජිත් අබේසූරිය, දීපානි සිල්වා,ජෙහාන් අප්පුහාමි,තුසිත ලක්නාත්,බුද්ධික ජයරත්න යන ශිල්පීහු හා ශිල්පිනීහු දායක වූහ.

මෙහිදී මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතා සඳහන් කළේ රෝහණ විජේවීර මහතා ඇතුළු කණ්ඩායම ඇරඹූ අරගලය විප්ලවවාදී දෘෂ්ටි කෝණයෙන් ඉතා උතුම් අරමුණක් මත ඇරඹූ අරගලයක් බවයි. එසේම බොහෝ පොත්පත්වල ජයග්‍රාහකයාගේ අත් අකුරෙන් පරාජිතයා පිළිබඳ ලියැවෙන අතර, එබැවින් පරාජිතයා පිළිබඳ ලියැවී ඇත්තේ වැරැදි ආකල්ප බව ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

එසේම රෝහණ විජේවීරගේ බාල පුතු වන උවිඳු විජේවීර මෙහිදී සඳහන් කළේ අනාගත උන්නතිය වෙනුවෙන් තමාගේ ජීවිතය කැප කර, තමන්ගේ ශක්තිය, ධෛර්යය රට වෙනුවෙන් මුදා හැර, රට උසස් තැනකට ගෙන යා හැකි නම්, ඒ අත්දැකීම් සහ ධෛර්යය මෙම චිත්‍රපටය හරහා ලබාගත හැකි නම් එය මෙම චිත්‍රපටය ලැබූ සාර්ථකත්වයක් ලෙස තමන් දකින බවයි.

කිසිදු ප්‍රධාන ආරාධිත අමුත්තෙකු නොමැතිව පැවැත්වුණු මෙම චිත්‍රපට දර්ශනයට නිෂ්පාදිකාව නොපැමිණි අතර, ඒ ඇය මේ වන විට විදෙස්ගතව උසස් අධ්‍යාපනය ලබන බැවිනි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් මෙන්ම කලාකරුවන්ද පැමිණි සිටි මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝද පැමිණ සිටියහ.

රෝහණ විජේවීරගේ බාල පුත්‍රයා වන උවිඳු විජේවීර මෙන්ම සැඟවී සිට දේශපාලනයේ යෙදුණු විජේවීරට රැකවරණය දුන් වෛද්‍ය ජයතිලක මහතාගේ බිරිඳද (දිල්හානි අශෝකමාලා නිරූපණය කළ චරිතය) මෙම අවස්ථාවට පැමිණ සිටීම කාගෙත් අවධානය දිනා ගත්තේය.

 

සටහන - මාලන් විදානපතිරණ

 

2019-01-09-ent-06 2019-01-09-ent-07  2019-01-09-ent-09 2019-01-09-ent-10 2019-01-09-ent-11 2019-01-09-ent-12 2019-01-09-ent-13 2019-01-09-ent-14 2019-01-09-ent-15 2019-01-09-ent-16