'එකට | Onraa'​ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කෙරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුසලතා වෘත්තීන් (Skilled Careers) සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දැක්ම වෙනස් කිරීම අරමුණු කරගනිමින්, 'එකට | Onraa' නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

මෙම වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට රජයේ නියෝජිතයන්, අරමුදල් දායකයන්, ජනමාධ්‍ය හා සිවිල් සමාජ නියෝජිතයන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.

"හෙට දිනන මග" යන තේමාව යටතේ දියත් කරන ලද මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන ක්ෂේත්‍ර‘වල ඇති රැකියා අවස්ථා සහ ඒවායේ වටිනාකම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින්, එම රැකියා සඳහා කුසලතා පූර්ණ වෘත්තිකයන්ගේ හිඟය පියවීම සඳහා ප්‍ර‘වේශයක් ලබාගැනීමයි.

වැඩසටහන දියත් කිරීමේ උත්සවයේදී කපිතාන් අජිත් පීරිස් (CINEC), දිමිත්‍රි කුරේ (Jetwing), මේජර් රංජිත් ගුණතිලක (Sanken Construction), ආචාර්ය කිත්සිරි මංචනායක (FITIS), රංජිත් පණ්ඩිතගේ (DIMO/Hayleys) සහ දිනේෂ් වීරක්කොඩි (NHRS) යන මහත්වරුන් ඇතුළු පිරිසක් අදහස් දැක්වූහ. වැඩසටහන සඳහා මූලික ආයෝජනය කැනඩා ලෝක විශ්වවිද්‍යාල සේවය (WUSC-SL) හරහා කැනඩා රජය විසින් සිදුකර ඇති අතර, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කැනේඩියානු මහ කොමසාරිස් ෂෙලී වයිටින් මහත්මිය මෙම උත්සවයේදී එම පාර්ශ්වය නියෝජනය කළාය.

"එකට | Onraa" ප්‍රවර්ධන වැඩසටහන යටතේ මූලික වශයෙන් ඉංජිනේරු සේවා හා මෝටර් රථ සේවා, ඉදිකිරීම්, හෝටල් හා සංචාරක සේවා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන ක්ෂේත්‍ර කෙරෙහි මූලික අවධානය යොමු වේ. සාම්ප්‍රදායික ක්ෂේත්‍ර ලෙස සැලකෙන සීමාවන්ගෙන් ඔබ්බට ගිය මෙම ක්ෂේත්‍රයන්හි නියුතු නව පරපුරේ කැපී පෙනෙන තරුණ තරුණියන්ට සිය අදහස් හා මතවාද එක්තැනකට ගොනු කිරීම සඳහා මෙම වැඩසටහන මනා පදනමක් සපයනු ඇත. වැඩසටහන දියත් කරන අවස්ථාවේදී එහි නිල වෙබ් අඩවිය වන www.skillupsrilanka.lk සහ ප්‍රධාන ක්ෂේත්‍රයන්ට අදාළ රූපවාහිනී දැන්වීම්ද දියත් කරන ලදී.

මෙහි තවත් විශේෂ කරුණක් වන්නේ Funky Dirt සහ ක්‍රිෂාන් මහේසන් (king South) විසින් මෙහි නිල තේමා ගීත ගායනා කරනු ලබයි. එම රූප රචනය එළිදැක්වීමත් එදින සිදුවිය. මීට අමතරව එම උත්සව අවස්ථාවට සෙන්ටිග්‍රේඩ්ස් සහ රන්දීර් එහිදී සජීවී ගායනා ඉදිරිපත් කළහ. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 20 - 24 අතර කාණ්ඩයේ විරැකියා ප්‍රතිශතය 21.2% ක් මට්ටමේ පවතින අතර, එය සියලු වයස් කාණ්ඩ අතර ඉහළම අගය වේ. ආබාධ සහිත පුද්ගලයන්, යුද්ධයෙන් බලපෑම් ඇති වූ පුද්ගලයන් ඇතුළුව සියලු කාණ්ඩවල තරුණ තරුණියන් ඉහත සඳහන් ක්ෂේත්‍රවල රැකියා සඳහා යොමු කරවීමට මෙම වැඩසටහන අපේක්ෂා කරයි.

 

2017-08-01-ent-29 2017-08-01-ent-30 2017-08-01-ent-31 2017-08-01-ent-32 2017-08-01-ent-33 2017-08-01-ent-34 2017-08-01-ent-35 2017-08-01-ent-36 2017-08-01-ent-37 2017-08-01-ent-38 2017-08-01-ent-39 2017-08-01-ent-40 2017-08-01-ent-41 2017-08-01-ent-42 2017-08-01-ent-43 2017-08-01-ent-44 2017-08-01-ent-45 2017-08-01-ent-46 2017-08-01-ent-47 2017-08-01-ent-48 2017-08-01-ent-49 2017-08-01-ent-50 2017-08-01-ent-51 2017-08-01-ent-52



More In Hot Story