'එකගෙයි සොකරි' සින්දු මංගල්ලේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජැක්සන් ඇන්තනී විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමා නිර්මාණය වන %එකගෙයි සොකරි^ හි සින්දු මංගල්ලේ පසුගියදා වැල්ලවත්ත %සැවෝයි^ ප්‍රීමියම් සිනමා ශාලාවේදී පැවත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහභාගි වූ අතර, සොකරි ගීත පොත හා ජැක්සන් ඇන්තනී මහතාගේ නිල යූ ටියුබ් චැනලය එළි දැක්වීම එදින සිදුකෙරිණි.

එහිදී නිල යූටියුබ් චැනලය එළිදැක්වීම වෙනුවෙන් ජනප්‍රිය යූ ටියුබ්කරුවන් වන රතිඳු සේනාරත්න (රැට්ටා), සන්දේශ් බණ්ඩාර, ඒෂාන් ඩයස්, හරීන්ද්‍ර ජයලාල් දායක විය. %සොකරි^ ගීත පොතේ මුල් පිටපත ජැක්සන් ඇන්තනී මහතා විසින් මහාචාර්ය සුනිල් අරියරත්නයන් වෙත පිළිගන්වන ලදී.

සොකරි සිනමා පටය සඳහා නිෂ්පාදනයෙන් දායක වනුයේ %ක්‍රීයේෂන් හෙලන්කා^ පෞද්ගලික සමාගමය. මෙහි ගීතයන්හි පද රචනා බන්දුල නානායක්කාරවසම් විසින් සිදුකර ඇති අතර, මෙම චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂකවරයා වනුයේ චින්තක ජයකොඩිය. මෙහි කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය විසින් සිදුකර ඇති අතර, කලා අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ ධම්මික හේවාදුවත්ත විසිනි, මෙහි අංග රචනය හර්ෂ මංජුල විසින් සිදුකර ඇති අතර, සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂණය සිදුකර තිබේ. මෙහි ශබ්ද පරිපාලනය ඩිලාන් ගුණවර්ධන විසින් සිදුකර ඇති අතර, සංස්කරණය සහ වර්ණ සංයෝජනය තිස්ස සුරේන්ද්‍රගෙනි, මෙහි නිෂ්පාදන කළමනාකරණය හැරල්ඩ් කරුණාතිලක විසින් සිදුකර ඇති අතර, දර්ශනතල සම්බන්ධීකරණය හේමන්ත බණ්ඩාර වික්‍රමසිංහගෙනි.

මෙම චිත්‍රපටයේ නිශ්චල ඡායාරූපකරණය ධම්මික පතිරත්න විසින් සිදුකර ඇති අතර, ඇඳුම් නිර්මාණය නිල්හාන් සෙනෙවිරත්ගෙනි, වස්ත්‍රාභරණ සම්පත් වන්නිආරච්චිගෙනි, මෙහි නර්තන අධ්‍යක්ෂණය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි විසින් සිදුකර ඇති අතර, පරිගණක සජීවීකරණය අනුජ බාසුරු ශිවංකරගෙනි.

මෙම චිත්‍රපටයේ සිරස්තල චිත්‍රණය ශාන්ත කේ. හේරත්ගෙන් වන අතර, ගීත ගායනය මාධවී වත්සලා, සජිත අනුත්තර, ඩිලාන් කරුණාරත්න, දිනූෂා කෝදාගොඩ, හර්ෂණ දිසානායක, චමිල මධුශාන්, නදීමාල් පෙරේරා, එවන්ද දිල්මින් පෙරේරා විසින් සිදුකර තිබේ. %එකගෙයි සොකරි^ මෙම වසරේදී දිවයින පුරා සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිතය.

 

2019-12-18-ent-305 2019-12-18-ent-306 2019-12-18-ent-307 2019-12-18-ent-308 2019-12-18-ent-309 2019-12-18-ent-310 2019-12-18-ent-311 2019-12-18-ent-312 2019-12-18-ent-313 2019-12-18-ent-314 2019-12-18-ent-315 2019-12-18-ent-316 2019-12-18-ent-317 2019-12-18-ent-318 2019-12-18-ent-319 2019-12-18-ent-320 2019-12-18-ent-321 2019-12-18-ent-322 2019-12-18-ent-323 2019-12-18-ent-324 2019-12-18-ent-325 2019-12-18-ent-326 2019-12-18-ent-327 2019-12-18-ent-328