46 වන රාජ්‍ය නාට්‍ය උළෙල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-29-ent-63

හොඳම නාට්‍ය

  • ‘මායා බන්ධන’

හොඳම අධ්‍යක්ෂණය

  • ‘මායා බන්ධන’ නාට්‍යය අධ්‍යක්ෂ උෂාන් පෙරේරා

හොඳම නළුවා

  • ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි

හොඳම නිළිය

  • මිහිරි ප්‍රියංගනී යාපා

 

අභ්‍යන්තර කටයුතු, වයඔ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්මේන්තුව විසින් සංවිධානය කළ 46 වන රාජ්‍ය නාට්‍ය උළෙල ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙලුම්පොකුණ රඟහලේදී පසුගියදා (27දා) පැවැත්වුණි. මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු වයඔ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න මහතා ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී විය. රාජ්‍යය නාට්‍ය තරගාවලියේ අවසන් වටයට තේරී පත්වූ කෙටි හා දිගු නාට්‍ය සඳහා සම්මාන බෙදී ගියේ මෙලෙසිනි

 

දිගු නාට්‍ය

හොඳම නාට්‍යය 

  • ආර්.එම් උෂාන් පෙරේරාගේ ‘මායා බන්ධන’

හොඳම අධ්‍යක්ෂණය

  • ‘මායා බන්ධන’ නාට්‍යය අධ්‍යක්ෂ උෂාන් පෙරේරා

හොඳම නළුවා

  • ‘සූකර අසපුව’ නාට්‍යයේ පාවෙල්ගේ චරිතය නිරූපණය කළ ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි

හොඳම නිළිය 

  • මායා බන්ධන’ නාට්‍යයේ එළිසබෙත්ගේ චරිතය නිරූපණය කළ මිහිරි ප්‍රියංගනී යාපා

හොඳම සහාය නළුවා

  • ‘මායා බන්ධන’ නාට්‍යයේ ඩන්ෆෝත් චරිතය නිරූපණය කළ උදිත ලියනගේ

හොඳම සහාය නිළිය

  • ‘මායා බන්ධන’ නාට්‍යයේ ඇබිගේල් විලියම්ස් චරිතය නිරූපණය කළ කසුනි ගනේවත්ත

හොඳම ස්වීය නොවන රචනය

  •  ‘මායා බන්ධන’ නාට්‍යය රචනා කළ ගාමිණී වියන්ගොඩ

 

හොඳම ස්වීය රචනය -

(1 ස්ථානය)

  • ‘බැංකු වීරයා’ නාට්‍යය රචනා කළ කපිල කුමාර කාලිංග

(2 ස්ථානය)

  • ‘චෞදරී’ නාට්‍යය රචනා කළ තරංග බණ්ඩාර

හොඳම රංගාලෝකය

  •  ‘සූකර අසපුව’ නාට්‍යයේ ලලිත් අතාවුද

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය

  • ‘මායා බන්ධන’ නාට්‍යයේ ඉරේෂා ජානකී

හොඳම රංග භූමි අලංකරණය

  •  ‘සූකර අසපුව’ නාට්‍යයේ මහේෂ් තාබෘ

හොඳම අංග රචනය

  • ‘චෞදරී’ නාට්‍යයේ වසන්ත විට්ටච්චි

හොඳම වේදිකා පරිපාලනය 

  • ‘මායා බන්ධන’ නාටයේ මාධව චතුරංග

හොඳම සංගීත නිර්මාණය

  • ‘මායා බන්ධන’ නාට්‍යයේ ආර්.එම් උෂාන් පෙරේරා

හොඳම රංග වින්‍යාසය

  •  ‘මායා බන්ධන’ නාට්‍යයේ ප්‍රසන්නජිත් අබේසූරිය, මාධව චතුරංග සහ ආර්.එම් උෂාන් පෙරේරා‍

 

කුසලතා සහතික

රංගනය වෙනුවෙන්

  • ‘මායා බන්ධන’ නාට්‍යයේ ටිටුබා චරිතය නිරූපණය කළ චාමනී දර්ශිකා

රංගනය වෙනුවෙන් 

  • ‘දෙසීය තුන්සීය’ නාට්‍යයේ කොමුටොච් චරිතය නිරූපණය කළ ඉෂාර වික්‍රමසිංහ

සංගීත නිර්මාණය වෙනුවෙන්

  •  ‘දෙසීය තුන්සීය’ නාට්‍යයේ ශාන්ත පීරිස්

නාට්‍ය කීර්ති සම්මාන ප්‍රදානය

ප්‍රවීණ නාට්‍යවේදී විජේරත්න වරකාගොඩ

 

කෙටි නාට්‍ය

හොඳම නාට්‍ය නිෂ්පාදනය -

  • 1 ස්ථානය ‘ප්‍රේමී කවිනලුව’ සමන්ත පරණලියනගේ
  • 2 ස්ථානය ‘උතුරුකුරු දිවයින’ කසුන් චතුරංග උක්වත්ත
  • 3 ස්ථානය ‘මඟුල’ නාට්‍යය නිෂ්පාදනය කළ කසුන් ලියනගේ

 

 

හොඳම රචනය -

  • 1 ස්ථානය - ‘ප්‍රේමී කවිනලුව’ සමන්ත පරණලියනගේ
  • 2 ස්ථානය - ‘උතුරුකුරු දිවයින’ කසුන් චතුරංග උක්වත්ත
  • 3 ස්ථානය - ‘මඟුල’ නාට්‍යය රචනා කළ කසුන් ලියනගේ

 

හොඳම නළුවා -

  • 1 ස්ථානය - උතුරුකුරු දිවයින නාට්‍යයේ ගුරුන්වහන්සේගේ චරිතය නිරූපණය කළ කසුන් චතුරංග උක්වත්ත
  • 2 ස්ථානය - ‘ප්‍රේමී කවිනලුව’ නාට්‍යයේ දසුන්ගේ චරිතය නිරූපණය කළ ප්‍රදීප් ආරුගම
  • 3 ස්ථානය - ‘ස්වර්ග’ රාජ්‍ය නාට්‍යයේ මිනිසාගේ චරිතය නිරූපණය කළ සුදර්ශන ක්‍රිෂාන්ත

 

හොඳම නිළිය -

  • 1 ස්ථානය - ‘ෆුල්ස්ටොප්’ නාට්‍යයේ සුනේත්‍රාගේ චරිතය නිරූපණය කළ කේශිකා කෝරාල
  • 2 ස්ථානය - ‘එම්බ්‍රොයිඩර්’ නාට්‍යයේ ලියානාගේ චරිතය නිරූපනය කළ එස්.පී.යු නිපුනි ආරියරත්න
  • 3 ස්ථානය - ‘ස්වර්ග’ රාජ්‍ය නාට්‍යයේ කුමාරිහාමිගේ චරිතය නිරූපණය කළ ආශා පෙරේරා

 

හොඳම සංගීත නිර්මාණය

  •  ‘එම්බ්‍රොයිඩර්’ නාට්‍යයේ චානුක සන්දීප් ලියනගේ

හොඳම රංගාලෝකය

  • ‘උතුරුකුරු දිවයින’ නාට්‍යයේ එච්.ඒ චාමර සඳරුවන් හා චතුර දසනායක

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය

  • ‘උතුරුකුරු දිවයින’ නාට්‍යයේ කසුන් චතුරංග උක්වත්ත සහ රන්දික ට්‍රිෂාන් සුමනපාල

හොඳම අංගරචනය

  • ‘උතුරුකුරු’ දිවයින නාට්‍යයේ ඩබ්.එම් නිලුෂිකා මධුෂානි

හොඳම වේදිකා පරිපාලනය

  •  ‘ස්වර්ග රාජ්‍යය’ නාට්‍යයේ දමිත් වැලිකල සහ දුලංජ දිල්ශාන්

හොඳම රංග වින්‍යාසය 

‘ප්‍රේමී කවිනලුව’ නාට්‍යයේ සමන්ත පරණ ලියනගේ

 

2018-03-29-ent-47 2018-03-29-ent-48 2018-03-29-ent-49 2018-03-29-ent-50 2018-03-29-ent-51 2018-03-29-ent-52 2018-03-29-ent-53 2018-03-29-ent-54 2018-03-29-ent-55 2018-03-29-ent-56 2018-03-29-ent-57 2018-03-29-ent-58 2018-03-29-ent-59 2018-03-29-ent-60 2018-03-29-ent-61 2018-03-29-ent-62  2018-03-29-ent-64 2018-03-29-ent-65 2018-03-29-ent-66 2018-03-29-ent-67 2018-03-29-ent-68 2018-03-29-ent-69 2018-03-29-ent-70 2018-03-29-ent-71 2018-03-29-ent-72 2018-03-29-ent-73 2018-03-29-ent-74 2018-03-29-ent-75 2018-03-29-ent-76

 

නිදුක් මදුෂික / ජායාරූප ඉසුරු පෙරේරා



More In Hot Story