25 වැනි වරටත් පැවැත් වූ ‘කලාපොළ 2019’
George Keyt පදනමේ සංකල්පයකට අනුව John Keells සමූහය විසින් 25 වැනි වතාවටත් සංවිධානය කරන ලද ‘කලාපොළ 2019’ කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පසුගිය 24 වැනිදා උදෑසන 9.00 සිට රාත්රී 9.00 දක්වා පැවැත්විණි. ලංකාව පුරා සිටින චිත්ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් 300කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ. ඒ වගේම පාසල් අංශයේ ප්රදර්ශනකුටිද දක්නට හැකියාවක් ලැබුණ අතර දේශිය මෙන්ම විදේශීය ජනතාවත් මෙම ප්රදර්ශනය නැරඹීම සඳහා පැමිණ සිටීම විශේෂත්වයක් ලෙස දක්නට හැකිවිය.
සටහන සහ ඡායාරූප - දිනිත් කණිෂ්ක