2018 මිසිස් ඕෂන් වර්ල්ඩ් තරගයේ මෙතෙක් නොදුටු දසුන්
පී.ඞී. එන්ටර්ටේ‍්‍රට්මන්ට් ආයතනය සංවිධාන කළ ‘‘මිසිස් ඕෂන් වර්ල්ඞ් ශ්‍රී ලංකා 2018’’ විවාහක රූ රැජින අවසාන මහා තරගය පසුගියදා උත්කර්ශවත් අයුරින් ගලධාරි හෝටලයේදී පැවැත්විණි.
මෙහිදී තරගාවලියේ දෙවන ස්ථානය දුෂානි සෙවික‍්‍රමටත්, තෙවන ස්ථානය ගයන්ගනී ජයසිංහටත්, සිව්වැනි තුලානි ශෂී, පස්වැනි ස්ථානය මදිවාදනි මෙරල්ටත් හිමිවිය.
සංචාරක කි‍්‍රස්තියානි කටයුතු හා වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප‍්‍රධානව නිලි රැජින මාලනී ෆොන්සේකා, නිලන්ති ඩයස්, ක්ලීටස් මෙන්ඩිස්, ලූෂන් පුෂ්පරාජ්, වීනා ජයකොඩි, මෝස්තර නිරූපන ශිල්පිනී සචිනි ජයසේකර සහ ඉරේෂා රසාංගිකා මිසිස් ඔර්ෂන් වර්ල්ඞ් ශී‍්‍ර ලංකා 2018 තරගාවලියේ උපදේශක මණ්ඩලය ලෙස කටයුතු කළ අතර මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කළුබෝවිල චීනකටු සායනයේ සහ පීඞී එන්ටර්ටේ‍්‍රට්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂ 2017 සිලෝන් මැජස්ටික් තරගයේ සහ ප‍්‍රංශයේ පැවැති 2017 එලිගන් ඉන්ටර්නැෂනල් තරගාවලියේ ලෝක ජයග‍්‍රාහක වෛද්‍ය ප‍්‍රසාද් දේශපි‍්‍රයත්, ප‍්‍රධාන සංවිධායක ලෙස ප‍්‍රවීණ මාධ්‍යවේදී ගාමිනී සමරසිංහත්, ජාත්‍යන්තර අධ්‍යක්ෂිකාව ලෙස කි‍්‍රස්ටින් හුවැන්ග්ද, ප‍්‍රධාන ඡුායාරූප ශිල්පී ලෙස දයාන් විතාරන මහතාත් කටයුතු කරන අතර චීනය, ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියව, ජපානය, පාකිස්තානය ලංකාවේ ප‍්‍රධාන ව්‍යාපාරිකයන්ගේ සහයෝගයද මේ සඳහා හිමිවිය.
ජයග‍්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග සහ විදේශ සංචාර සදහාද අවස්ථාව උදාවේ.
සටහන - කැලූම් සංජීව ධර්මදාස