වෙන වැඩ නැතුවට හොඳයි
මේකනං භාර්යාවොන්ගෙ කටේ බලේට හෝ ලැබෙන තෑගි මුදලේ ලොකුකම නිසා මිසක් ස්වාමිපුරුෂයෙක් කවදාවත් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. මේ තරගෙ තියෙන්නෙ ෆන්ලන්තෙ. ඒ නගරෙ ඉන්නෙ මිනිස්සු 4600යි. බාධක මැද්දෙ තමන්ගෙ බිරිඳව උඩුයටිකුරුව අල්ලගෙන ඉන්න පින්තූරයක් තමයි මේ තියෙන්නෙ. ඒ වගේම බිරිඳක් නැති අයෙකුට අසල්වැසි බිරිඳක් ගෙනෙනේනත් පුළුවන්. බිරින්දෑවරු හෙල්මට් දාගෙනයි ඉන්නෙ. අවුරුදු 21ක් පරණ මේ තරගෙට මෙවර රටවල් 12කින් ජෝඩු පනහක් තරග කළා.
රචින්ත ජයවර්ධන