මනසට නතු සිරුරක්
මනසට සිරුර සම්පූර්ණයෙන් පාලනය කරන්නට හැකි නම් එවැන්නෙකුට බොහෝ දේ සිදු කළ හැකියි. මේ එවැනි අත්දැකීමක්. මොවුන් නර්තනයේ යෙදෙන බවක් ඔබට පෙනුනත් ඒ යට ඔවුන් සිදු කළ බොහෝ කැපකිරීම් තිබෙනවා වගේම, ඒ වෙනුවෙන් නිරවුල් සහ පැහැදිලි මනසක අවශ්‍යතාවක්ද තිබෙනවා. මෙවැන්නකට ආසන්න වන්නට හෝ උත්සාහ කළ හැකි නම් සහ ඒ වෙනුවෙන් මනස මෙන්ම සිරුරද දියුණු කරගත හැකි නම් එය මනුෂ්‍යයෙකුට විශාල ජයග්‍රහණයක් වනවා නොඅනුමානයි.
රචින්ත ජයවර්ධන