භවභෝග වගා කරන්න රොබෝ කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයේ උවමනා තරම් රොබෝවරුන් විවිධ වූ කටයුතු සඳහා මේ වනවිට නිපදවෙනවා. මේ කියන්න යන්නෙත් එවැනි රොබෝ කෙනෙකු ගැනයි. මිනිසාට එදිනෙදා පරිභෝජනය සඳහා අවශ්‍ය භවභෝගයන් වගා කරවා ගැනීමට රොබෝවෙකු අවැසි නම් මේ එයට සාර්ථකම විකල්පයයි. ෆාම්බොට් නමින් නම් කර ඇති එය එක් එක් පැළය සඳහා අවශ්‍ය අවධානය නිරන්තරයෙන් හිමි කර දෙනවා. බීජ සිටුවා, අවැසි පමණට වතුර දමා, කැමරා මගින් නිරීක්ෂණය කර කෘමි සතුන් පලවා හැර, වල් පැළ ගලවා, සියලු කටයුතු සිදුකරන මෙය ඇප් එකකින් පාලනය වෙයි. එමගින් ඔබට එය පාලනය කිරීමට හැකියාව ඇත. ඕනෑම දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන මෙහි කාලසටහනද ඔබට සකසා තැබිය හැක. ෆාම්බොට් යනු විවෘත ව්‍යාපෘතියකි. එනිසා ඔබට මෙහි තාක්ෂණය නොමිලයේ ලබාගෙන ඔබේම ෆාම්බොට් කෙනෙකු සාදා ගත හැක.

 

රචින්ත ජයවර්ධන

 

2016-07-25-ent-01