දීපා කර්මකාර්ගේ ජිම්නාස්ටික්
දීපා කර්මකාර් ඉන්දියාවේ තරුණියක්. ඇය තමයි ඉන්දියාවෙන් ජිම්නාස්ටික් වෙනුවෙන් තේරුණු පළමු කාන්තාව. ඒ වගේම ඇයට තවම වයස විසිදෙකයි. ඇය ඉතා අපහසු ක්රියාකාරකම් පවා සිදු කරන අතර, ඒ අතර Vault of Death පිම්මද ඇතුළත්. ඇය මේ තැනට පැමිණීමට බොහෝ බාධක ජයගෙන තිබෙනවා. ඒ අතර ඇයගේ උපතින් පිහිටි පැතලි දෙපතුල්ද එක් කාරණයක්. ඇය පුහුණුවීම් අරඹන විට ඇයට කිසිදු උපාංගයක් තිබී නැහැ. දැනට ඇය පදක්කම් 77ක් ලබාගෙන ඇති අතර, එයින් 67ක් රන් පදක්කම් වීම විශේෂයි. ඇය කියන්නේ ජීවිතයේ යමක් උපායාගන්නම් ඔබ ඒ වෙනුවෙන් අවදානමක් ගත යුතු බවයි.
රචින්ත ජයවර්ධන