කලපු ඉමේ නිවාඩුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-1510

අද අපි යන්නෙ කටුනායක සීදූව අලුත්ම විදිහේ හෝටලයකට. එහෙමනම් ගිහිල්ලම බලමු නේද?

භූමි ප්‍රමාණයෙන් අක්කර 1 ½ක පමණ භූමි වපසරියක විහිදුණු Amora Lagoon හෝටලය පරිසර හිතකාමී තේමාවට මුල් තැනක් දෙමින් ඉදිකළ හෝටලයක්.

ඒ වගේම අනිත් කාරණය තමයි Amora Lagoon හෝටලයේ හරිම මිත්‍රශීලී සහ ඉක්මන් සේවාවක් තමයි තමන් ළඟට එන කවර තරාතිරමක කෙනකුට වුණත් ලබාදෙන්නේ. හැත්තෑවකට ආසන්න සමස්ත කාර්ය මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන්ගේ සිට ඉහළ පුටුව දක්වා හැම කෙනකුගෙන්ම ඒ සුහඳශීලී සේවාව ඔයාට ලැබෙනවා. ශාන්තා ප්‍රනාන්දු තමයි Amora Lagoon හෝටලයේ සභාපතීත්වය දරන්නේ. රෙනූෂ ප්‍රනාන්දු කළමනාකාර අධ්‍යක්ෂක තනතුර හොබවද්දී ක්‍රිෂාන් අප්පුහාමි තමයි Amora Lagoon හෝටලයේ ප්‍රධාන කළමනාකරු වශයෙන් ලොකු වගකීමක් දරමින් අපට මේ විස්තර කියා සිටියේ.

Amora Lagoon හෝටලයේ දැක්ක ගමන් නම් හිතෙන්නේ අපිට මෙහේ wedding එකක් birthday party එකක්, get-together party එකක් ගන්න තියා හිතන්නවත් බැරි වෙයි වගේ හැඟීමක්. නෑ. ඒක එහෙම නෙවෙයි කියලා ඔන්න අපි නෙවෙයි Amora Lagoon ප්‍රධාන කළමනාකරු ක්‍රිෂාන්ම ඔයාලට කියන්නේ හුඟක් වගකීමෙන්.

මෙම හෝටලයේ දැනට කාමර 30ක් තියෙනවා. එයින් 28ක් තමයි දැනට පාවිච්චි කරන්නේ. ඒ වගේම Pool එකක්, BBQ Night එකක් සහ හොඳ බෝට්ටු සවාරියක් යෑමටත් ඔයාලට පුළුවන්. බෝට්ටු සවාරියක් යන්නේ මීගමු කලපුවේ කි.ලෝ. 2 ½ක් වගේ දුරක්. බෝට්ටුවෙ යන අතරතුර ඉස්සො කොටු, රිලව්, විවිධ වර්ගයේ පක්ෂීන් ද දැකගන්න පුළුවන්.

ඒ වගේම 300කට ආසන්න පිරිසකට සිටිය හැකි හොඳ wedding hall එකකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ හෝටලයේ wedding එකක් ගන්න එන කෙනකුට Luxury කාර් එකක් වගේ තව බොහෝ දේ නොමිලේ ලබාදෙනවා.ඉතින් ඔයාලටත් එන්න පුළුවන් Amora Lagoon හෝටලයට ගිහින් නිදහස, සතුට පිරි ලස්සන නිවාඩුවක් ගත කරලා එන්න.

 

  ► Text & Pic- Channa kassapa koralearchchi

 

 2019-08-09-ent-1511 2019-08-09-ent-1512 2019-08-09-ent-1513 2019-08-09-ent-1514 2019-08-09-ent-1515 2019-08-09-ent-1516 2019-08-09-ent-1517 2019-08-09-ent-1518 2019-08-09-ent-1519 2019-08-09-ent-1520