‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්රපට මාලවෙන් ඩිවෝන් ඉවත් වෙයි
ලොවපුරා අතිශය ජනප්රිය චිත්රපටයක් වූ ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්රපට මාලාවේ ඉදිරි චිත්රපට වලින් තමා ඉවත් වන බව සුපිරි හොලිවුඩ් සිනමා නළු ඩිවොන් ජොන්සන් පසුගියදා පවසා ඇත. මේ වනවිට ප්රදර්ශනය වන ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්රපට මාලාවේ නවවැනි චිත්රපටයේ දකින්නට නොලැබුණ ජොන්සන් 2017 වසරේ තිරගත වූ ‘හොබ්ස් ඇන්ඩ් ස්නොව්’ චිත්රපටය සඳහා රංගනයෙන් දායක විය.
‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්රපට හතරක් සඳහා රංගනයෙන් දායක වූ ඩිවොන් ඉහළ ජනතා ප්රසාදයක්ද ඒ හරහා දිනා ගන්නට සමත් විය. කෙසේ වෙතත්, මේ වනවිට ‘වෝනර් බ්රදර්ස්’ චිත්රපට සමාගම ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ 10, 11 හා 12 කොටස් ඇතුළත් චිත්රපටහිද නිර්මාණය කරන්නට සැළසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.