ෆරිඩා පින්ටොත් දැන් ගැබිණියක්
ඔස්කා සම්මාන රැසක් දිනු ‘ස්ලම්ඩේග් මිලියනර්’ චිත්‍රපටයේ රඟපෑ ෆරිඩා පින්ටෝ මේ වනවිට සිය පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. 36 වැනි වියෙහි පසුවන ෆරිඩා මීට දෙවසරකට පෙර ප්‍රංශ ජාතිකයෙකු වූ කේරි ට්‍රොන් සමගින් විවාහ විය.
ෆරිඩා ගැබිණියක්ව සිටින ඡායාරූප රැසක් මීට දින කිහිපයකට පෙර සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කර තිබුණ අතර, ඇයට සිය දරුවා ලැබීමට දින නියම වී ඇත්තේ එළැඹෙන ඔක්තෝබර් මාසයේදී බව වාර්තා වෙයි.