ෆැන්ටාස්ටික් ෆෝ අලුත්ම එක කොමඩියක්
2025 වසරේ පෙබරවාරි 14 වැනිදා සිනමා ශාලා සඳහා නිකුත් කරන්නට කටයුතු කර ඇති සුපිරි මාවල් චිත්‍රපටයක් වූ ෆැන්ටාස්ටික් ෆෝ චිත්‍රපටය හාස්‍යමය චිත්‍රපටයක් බව මාවල් චිත්‍රගාර ප්‍රධානි කෙවීන් ෆිජ් විසින් සඳහන් කර ඇත.
ඇමෙරිකාවේ ප්‍රකට ප්රවෘත්ති ආයතනයක කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත. එමෙන්ම ෆැන්ටාස්ටික් ෆෝ චරිත හතරට මෙවර සුවිශේෂි වෙනස්කමක්ද සිදු කර ඇති බව ඔහු මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණි. එමෙන්ම ඔහු පවසන්නේමෙවර හාස්‍යයජනක සිදුවිම් රැසකටම මුහුණ දෙන දර්ශන රැසක් මෙවර චිත්‍රපටයට ඇතුළත් කර ඇති බවය.