ළඟදි විවාහ වුණ විද්යුත්ගේ අලුත්ම චිත්රපටයක්
ඇදුම් නිර්මාණ ශිල්පිනියක් වන නන්දිතා මටානි සමගින් මීට දින කිහිපයකට පෙර විවාහ වූ ඉන්දීය සිනමා නළු විද්යුත් ජම්වාල් රංගනයෙන් දායක වන අලුත්ම චිත්රපටයක් පසුගිය ඔක්තෝබර් 15 වැනිදා ප්රදර්ශනය ආරම්භ විය.
මේ වසරේ ජනවාරි මාසයේදී අන්තර්ජාලය හරහා නරඹන්නට හැකියාව ලැබුණ ‘ද ෆවර්’ චිත්රපටයෙන් පසුව විද්යුත් ජම්වාල් රංගනයෙන් දායක වන අලුත්නම චිත්රපටය වන්නේ ඔක්තෝබර් 15 වැනිදා ප්රදර්ශනය වන ‘සැනැක්’ චිත්රපටයයි. මෙහි ඔහු නවක නිළි රශ්මිකා මයිත්රා සමගින් ප්රධාන චරිත නිරූපණය කරනු ලබයි.