හර්බජාන් එක්ක රඟපාපු ලංකාවේ කෙල්ල
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ප්රදර්ශනය වූ ‘ෆ්රේන්ඩ්ශිප්’ දමිල චිත්රපටය මේ වනවිටද තිරගත වෙමින් පවති. මෙහි ප්රධාන චරිතය හිටපු ඉන්දීය සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ හර්බජාන් සිං විසින් නිරූපණය කරන අතර, ඔහු සමගින් ප්රධාන නිළි චරිතයට දායක වී ඇත්තේ ලංකාවේ උපන් ලෝසියා මේරියන්සන්ය.
ඇය කාලයක් ශක්ති ටි.වි. නාළිකාවේ ප්රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කර පසුව නිරූපිකාවක් ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙයි. කිලිනොච්චියේ උපන් ඇය මේ වනවිට 24 වනි වියෙහි පසුවන්නීය. ලෝසියාගේ පළමු චිත්රපට රංගනයද වන්නේ මෙය බව සඳහන් වෙයි.