හොර රහසේ විවාහ වූණ යමී ගෞතම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙකුගේම පෙම්වතිය බවට පත්ව සිටි ඉන්දීය සිනමා නිළි යමී ගෞතම් මීට දින කිහිපයකට පෙර හොර රහසේ විදෙස් රටකදී විවාහ වූ පුවතක් වාර්තා වෙයි. ඒ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස ප්‍රසිද්ධ අදිත්‍යා දෝහර් සමගය.

ආදිත්‍යා දැනට බොලිවුඩ් චිත්‍රපට හතකට වඩා වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර ඇති අතර, ඔහුගේ අවසන් චිත්‍රපටය ‘යූරි’ ආදායම් උපයා ගැනීම අතින් ඉහළ සාර්ථකත්වයක් ලද චිත්‍රපටයක් බවටද පත් විය. යමි සිය විවාහයේ ඡායාරූප මේ වනවිට ඇයගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කර තිබේ.