‘හැරි පෝටර්’ නිළියට සිවුවැනි දරුවාත් ලැබෙයි
‘හැරී පෝටර්’ චිත්‍රපට කිහිපයකම ‘ලැවෙන්ඩ්‍රා බ්‍රවුන්’ නම් චරිතයට පණ පොවූ මහා බ්‍රිතාන්‍ය නිළි ජේසි කේව් මීට දින කිහිපයකට පෙර සිය සිවුවැනි දරුවා බිහි කරනු ලැබීය. ‘කොවිඩ් 19’ රෝගයට ගොදුරුව එයට ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත කළ අවස්ථාවේ මෙසේ ජේසිට සිය දරුවා ලැබි ඇත.
34 වැනි වියෙහි පසුවන ජේසි කේව් මේ වනවිට හොලිවුඩ් විකට නළු ඇල්ෆි බ්‍රවුන් සමගින් එක වහළක් යට ජිවත් වෙමින් සිටියි. කෙසේ වෙතත්, මේ වනවිට ජෙසි සිනමා රංගනයට සමුදි තිබෙන අතර, ඇය ටෙලි නාට්‍යය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් සිටියි.