හැරි පෝටර් චිත්‍රපට මාලාව හරහා අදටද ලෝකය පුරාම ජනප්‍රිය ඩැනියෙල් රැඩ්ක්ලිප් මේ වනවිට මව්පියන් වීමට සූදානමින් සිටියි. ඒ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූ එරින් ඩාර්ක් සමගය. 2013 වසරේ ප්‍රදර්ශනය වූ කිල් යුවර් ඩාලිං චිත්‍රපටයේ ඩැනියෙල් සමගින් එරින් රංගනයෙන් දායක වූ අතර, ඉන් පසුව ඔවුන් පෙම්වතුන් විය.
වසර 10ක් තිස්සේ පෙම්වතුන් ලෙස එක වහළක් යට දිවි ගෙවු එරින් හා ඩැනියෙල් මේ වනවිට සිය පළමු දරුවා අපේක්ෂාවෙන් පසුවෙයි. ඇත්තටම මට ලස්සන ජිවීතයක් තියෙනවා. ඒ ජිවිතේ තවත් ලස්සන කරන්න එරින් මා ගාව ඉන්නවා. අපේ පවුලට තවත් අමුත්තෙක් නුදුරේම එකතු වෙනවා. එයාත් ආවම අපි හැමෝම ගොඩක් සතුටින් ඉඳිවි කියලා හිතනවා. ඩැනියෙල් සිය සමාජ පිටු යාවත්කාලීන කරමින් තම පිය පදවිය ගැන ප්‍රසිද්ධ කර තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
