හොඳම නිළියට හිමි සම්මානයට හය දෙනෙක් නිර්දේශ වෙලා
ඉතිහාසයයේ පළමු වරට මෙවර සම්මාන උළලේදී හොඳම නළුවා හිමි සම්මානය සඳහා නළුවන් සිවු දෙනෙක්ද හොඳම නිළියට හිමි සම්මානය සඳහා නිළියන් හය දෙනෙකු නිර්දේශ වී තිබේ. හොඳම නළුවාට විශාල තරගයක් නොමැති වුවද මෙවර හොඳම නිළියට හිමි සම්මානය සඳහා විශාල තරගකාරිත්වයක් මතුව තිබේ.
තලවි චිත්‍රපටයේ රඟපෑ කංගනා රණවුත්, ෂර්ෂා චිත්‍රපටයේ රඟපෑ කියාරා අද්වානි, මිමි චිත්‍රපටයේ රඟපෑ ක්‍රිති ෂැනොන්, සන්දිප් අවර් පින්ක් ෆෙරාර් චිත්‍රපටයේ රඟපෑ පරිනිති චොප්රා, රශ්මි රොකට් චිත්‍රපටයේ රඟපෑ ටප්සි පන්නු ශෙර්නි චිත්‍රපටයේ රඟපෑ විද්‍ය බාලන් මෙම සම්මානයට නිර්දේශ වී සිටියි.
ටප්සි පසුගිය වසරේදීද ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ හොඳම නිළිය සම්මානයටද හිමිකම් කිමට සමත්ව තිබුණී. එමෙන්ම ඇයද මෙවර විචාරකයින් විසින් තෝරන හොඳම නිළිය සම්මානය සඳහා හසිනා දිල්රුබා චිත්‍රපටයේ කළ රංගනය හරහා නිර්දේශ වී ඇත.